Header Ads

ගුලි කර පොළොවේ ගැසුවත් එලෙසින්ම තිබෙන 'සතොස දුන්න' නරක් නොවන අමුතු හාල් (VIDEO)

සහල් පිළිබඳව විවිද පුවත් අසන්න ලැබෙන කාලයකි මේ.

ඒ අතර ප්ලාස්ටික් සහල් ද වෙළඳපොළට පැමිණෙන බවට ඇතැමුන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණා.

පසුගිය නියං සමයක මෙරට ලබා දුන් ආධාර අතර ප්ලාස්ටික් සහල් තිබූ බවට ද ඇතැමුන් සඳහන් කර තිබුණා.

ප්ලාස්ටික් සහල් නිපදවන ආකාරය බව සඳහන් කරමින් වීඩියෝ කිහිපයක් ද අන්තර්ජාලයට එක්කර තිබූ අතර එම වීඩියෝ විදෙස් රටවල ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණයේ දී ලබා ගන්න සහල් වැනි ඇට පිළිබඳව දැක්වෙන වීඩියෝවක් බවයි ඇතැමුන් පවසන්නේ. 

මේ අතර පිටකෝට්ටේ සතොස මගින් අලෙවි කළ සහල් වර්ගයක් පිළිබඳව වීඩියෝ කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

බාස්මතී සහල් මිළට ගත් කාන්තාවකට ලැබුණු සහල් පිසීමෙන් අනතුරුව පැය 24ක් ගියද නරක් නොවූ බව එක් කාන්තාවක් තම වීඩියෝවේ සඳහන් කර තිබුණා.

එම බත් ඇලෙන අතර ගුලි කර පොළොවේ ගැසුව ද ගුලිය එලෙසින්ම තිබෙන බවයි වීඩියෝවේ දැක්වෙන්නේ.


Posted by Video menna - වීඩියෝ මෙන්න on Saturday, June 3, 2017





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.