Header Ads

ආනන්ද වෙඩිසිංහගේ අනතුර මිනීරුමක්! (VIDEO)


අප්‍රියල් මාසයේදී පැවති ධාවන තරඟයක් අතරතුර සිදුවූ බරපතළ අනතුරකින් තුවාල ලැබූ සුපිරි යතුරු පැදි ධාවන ශිල්පී ආනන්ද වෙඩිසිංහ පසුගියදා ජීවිතයෙන් සමුගත්තා.

එම සිදුවීම හදිසි අනතුරක් ලෙස මුලින් හදුනාගත්තද එම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශණ පිරික්සීමෙන් පසුව එම අනතුර සිතා මතාම සිදුකරන ලද්දක් බවට මතයක් ඉදිරිපත්වී තිබේ.

එම සිදුවීම පිළිබඳව සියුම්ව අධ්‍යයනය කල ආනන්ද වෙඩිසිංහගේ සහෝදරයා විසින් තැබූ ෆේස්බුක් සටහනකට අනුව මෙම අනතුර ඊට අදාල අනෙකුත් යතුරුපැදිකරු වන සුරාජ් පෙරේරා විසින් හිතාමතාම සිදුකරන ලද්දක්ය යන සැකය ඇතිවේ.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වෙන අතර මෙම සිදුවීම පිළිබඳව නිසි විමර්ෂණයක් සිදුකරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

උපුටා ගැනීම –

මේ සුරාජ් පෙරේරා සහ ආනන්ද වෙඩිසිංහ අතර සිදු වූ අනතුරේ මන්ද චලන වීඩි යෝවය්.
මට සහ වෙඩිසිංහ පව්ලේ සියළු දෙනාට මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඇත
මම මෙම වීඩියෝව දමන්නේ ශ්‍රී ලංකාවේ සියළු රේසින් ධාවකයන්ට සහ රේසිං ක්‍රීඩාවට ආදරය
කරන සියළු දෙනාගේ දැනුවත් භාවයට සහ අදහස් විමසීමටය්.

1. මට මෙම වීඩියෝව බලන කොට පෙනෙන්නේ සුරාජ් වංගුව උත්සහ නොකරණ බවත් ඔහු හිතාමතාම ආනන්ද වෙඩිසිංහගේ ඇඟට එන බවක් , සුරාජ් පැවසුවේ ඔහුගේ යතුරු පැදිය ආනන්දගේ යතුරු පැදියේ හැන්ඩලයේ පැටලුන නිසා මෙම අනතුර උන කියල, 

නමුත් බලන්න සුරාජ් ගේ යතුරු පැදිය ආනන්දගේ යටුරුපදියේ ගැටෙන්නේ වන්ගුවේ කෙලවරෙදිය, ඔහු අපු වේගයත් එක්ක කෙලවරට ගොස් එම වංගුව ගත නොහැක. අනික ඔහුගේ යතුරු පැදිය වංගුවේදී නමිමකට ලක්වෙන්නේ නැහැ ඔහු පැමිණෙන්නේ කෙලින්ම ආනන්දගේ අන්ගටය. ඔබ පැහැදිලිව නරබුවිට එය වැටහේවි .

2. යතුරුපැදි ගැටෙන අවස්ථාව සුක්ෂමව බැලුවිට පෙනියනවා සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහගේ යතුරු පැදියට පදයෙන් හිතාමතා පහරක් ගහන ආකාරය, එම පහරත් සමගමය් ආනන්දගේ යතුරුපදුයේ සමබරතාවය ගිලිහී යන්නේ.

මම සුරාජ් පෙරේරාව පුද්ගලිකව හදුනන්නේ නැත ඔහු සමග පුද්ගලික තරහක් තිබ්බේද නැත, නමුත් මෙය්න් පෙනීයන්නේ සුරාජ් හිතාමතා මේ දේ කර අනන්දව පසුකර යන්න උත්සහ කිරීමකි. නමුත් ඔහ්ටද වරදින්නේ ඔහුගේ වේගයද වැඩිවීම නිසාය.

සුරාජ් ආනන්දගේ වියෝවට ශෝකය පලකරේද නැත. මම ඔහුගෙන් අනතුර වූ දින කිහිපයකට පසු facebook comment එකකින් විමසු විට කියා සිටියේ මගේ සහෝදරයට රේස් පදින්න උගන්වන ලේසිය්.

ආනන්ද වෙඩිසිංහට රේසිං ක්‍රීඩාව සම්බන්දයෙන අමුතුවෙන් කියන්න දෙයක් නැත අවු : 25 රේසිo ජිවිතයේ ඔහු විසින් දිනැති කුසලාන සහ ඔහු විසින් දිනාගත් ප්‍රේක්ෂක ආදරය ඔහුගේ හැකියාවට හොඳම නිදසුනි.

මම වැරදි වෙන්නට පුළුවන මම පෙන්වාදෙන්නේ මට මෙම වීඩියෝව දුටුවම හැඟෙන දෙයය්, මම මෙම වීඩියෝව ඔබ නෙත් ඉදිරියේ දිගහරින්නේ ඔබ නොදකු දේ පෙන්වීමටත් මෙය අනතුරකද හිතමතා කල දෙයක්ද යන්න ඔබගේ අදහක් දැනගැනීමටත්ය

this is the slow motion clip from the accident between Suraj Perera and Ananda Wedisinghe….I have questions from All Riders and All the people who love racing and know about racing.

1. Does it look like suraj trying to take the bend at all?
(the bikes collide its true but see where it collide? bikes collide in the far corner of that bend, now suraj or any one can take that bent coming at a speed like that, as far it seems Suraj is trying to cut of Ananda Wedisinghe from the bend)

2. as the bikes collide surajs leg lifts up and seems he is kicking Ananda Wedisinghe’s bike intentionally.
I have no personal issue with suraj cz my brothers is dead, but this doesnt seems like and real accident it seems he wanted to this, but unfortunate for him as well since he fell off aswell.
I don’t know may be I am wrong, but I am leaving this video for your eyes to decide.
.
ආනන්ද වෙඩිසිංහගේ අනතුර මිනීරුමක්!
ආනන්ද වෙඩිසිංහගේ අනතුර මිනීරුමක්!
Posted by ලංකා පට්ට වීඩියෝ on Sunday, June 4, 2017
මෙවැනි තවත් පුවත්, ගොසිප්, ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ලංකා ටච් ෆෙස්බුක් පිටුවත් ලයික් කරන්න අමතක කරන්න එපා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.