Header Ads

අර්ජුන් ඇලෝෂීයස් රහස් පොලීසියට භාරදී ඇත්තේ පසුගිය මාස 06ක් භාවිත කළ ජංගම දුරකතනයක් බවට හෙළි වෙයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂීයස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත්තේ පසුගිය මාස 06දී භාවිත කළ ජංගම දුරකතනයක් බව නීතිපති දෙපාර්තමේන්තුව අද බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමට දැනුම්දී තිබේ.

කොමිසම පසුගිය සඳුදා අර්ජුන ඇලෝෂීයස් මහතාට දැනුම් දෙනු ලැබුවේ 2015 වසරේදී ඔහු භාවිත කළ ලැප්ටොප් පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි.

එම නියෝගය අනුව ඔහු එදින පස්වරුවේම අදාළ උපකරණ අපාරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට භාර දෙනු ලැබුවේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.