Header Ads

අර්ජුන්, ඇමති රවී ට ලක්ෂ 1650කට අරන්දුන් සුපිරි නිවසේ විස්තරය මෙන්න..!

මහබැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ල ව තිබෙන අර්ජුන් ඇලෝෂියස් කොළඹ පිහිටි අති සුඛෝපභෝගි නිවසක් අමාත්‍ය රවී කරුණානායකට ලබා දී තිබෙන බව  මහබැංකු බැදුම්කර වංචා කොමිසමේදී මේවනවිට හෙළිව තිබෙනවා. 

කොමිසමට සාක්ෂී ලබා දුන් එම්. විනෝදනී මහත්මිය මෙම ගණුදෙනුව පිළිබඳව හෙළිකරමින් කොමිසමට සාක්ෂී ලබා දි තිබුනි. එහිදි ඇය සාක්ෂී දී තිබුනේ කොල්ලුපිටියේ  පිහිටි ඇගේ සුඛෝපභෝගී නිවසක් කුලී පදනම මත ලබා ගැනීමට අමාත්‍ය රවී කරුණානායකගේ බිරිඳට අවශ්‍ය වූ බවත් එහිදි ඇය එම මහල් නිවස පරීක්ෂා කර බලා දුරකථන ඇමතුමක් ලබා දී අර්ජුන් ඇලෝෂියස් එම නිවසට ගෙන්වා ගත් බවත් , අර්ජුන් ඇලෝෂියස්ගේ මුදලෙන් එම නිවස කුලියට ගෙන රවී කරුණානායකගේ බිරිඳට ලබා දී ඇති බවත්ය.

මෙය කොළඹ 03, මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි නිවාසයක්‌ බවද Y/F1/U-2 හා Y/F1/U-3 අංක දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායක මහතාගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක්‌ බවද විනෝදනී මහත්මිය කීවාය.

එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්‌මන්ට්‌ දෙකක්‌ එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක්‌ බවත්, ඒ නිසා මොනාක්‌ රෙසිඩන්සීස්‌ කළමනාකාරිත්වය විසින් එය “පෙන්ත්හවුස්‌ එපාර්ට්‌මන්ට්‌” ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටියාය.

තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගත්තාය.

නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.

අර්ජුන් ඇලෝෂියස් ලක්ෂ 116ක මුදලකට එම අති සුඛෝපභෝගි නිවස මාස හයකට කුලී පදනම මත ලබා ගෙන තිබෙන අතර කුලී කොන්ත්‍රාත්තුව අවසානයේ අදාළ බදු ගිවිසුම විනාශ කර දමන ලෙසට ‍රවී කරුණානායකගේ බිරිඳ එම්. විනෝදනී මහත්මියට පවසා තිබෙනවා.

කෙසේ නමුත් කුලී පදනම් කාලය අවසන් වූ පසු අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණිය අධ්‍යක්ෂක තනතුරු දරනා ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නම් සමාගමක් හරහා එම නිවස රුපියල් ලක්ෂ 1650ක මුදලකට නැවත මිළදී ගැනීමටත් අමාත්‍යවරයා කටයුතු කළ බවද කොමිසමට සාක්ෂී දෙමින් ඇය පවසා තිබෙනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.