Header Ads

අඟුණකොලපැලැස්සේදී අත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල

හම්බන්තොට, අඟුණකොලපැලැස්ස, වැටිය මංසන්දිය ආසන්නයේදී එල්ලවූ අත් බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ගැටුමකින් පසු ඊයේ රාත්‍රී මෙම අත් බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බව ය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඇඹිලිපිටිය හා තංගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.