Header Ads

රහස් සාක්ච්ඡා නැවතත් කරලියට - 18 දෙනෙකුගේ අලුත් පිම්ම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. 

එහිදී එම නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉදිරි දේශපාලන තීරණ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ. 

එළඹෙන අගෝස්තු මාසයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති අවබෝධතා ගිවිසුම අවසන් වනවා. 

ඉන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු සූදානමින් සිටින බවට ඉකුත්දා වාර්තා පළ වුණා. 

ඊයේ හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ එලෙස ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් බවයි වාර්තා වුණේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.