ලකුණු 346 කට ශ්‍රී ලංකා පිළේ සියල්ලන් දැවී යයි
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ අද (16) තුන්වන දිනයේ ශ්‍රී ලංකා ඉනිම සියලුදෙනා දැවී ලකුණු 346 කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා.
.ඒ අනුව සිම්බාබ්වේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවට වඩා ශ්‍රී ලංකා පිළ ලකුණු 10 ක් පිටුපසින් සිටිනවා.
සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 356 ක්.
මේ වන විට සිම්බාබ්වේ සිය දෙවන ඉනිම ආරම්භ කර ඇති අතර ඒ අනුව කඩුලු 02 ක් දැවී ලකුණු 17 ක් රැස්කරගෙන සිටිනවා.
No comments
මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.