Header Ads

හෙට උදේ 6 සිට පැය විසි හතරක් වතුර නෑ - ජල කප්පාදුව සිදුවන ප්‍රදේශයන්හි සම්පූර්ණ ලයිස්තුව .!

හෙට උදෑසන 6 සිට පසුදින උදෑසන 6 වන තෙක්ම පැය 24ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නැවතීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස පැය විසි හතරක් ජල සැපයුම නවතා දමන්නේ  වැලිගම – කොලේදණ්ඩ, කඩේවත්ත, අලුත් විදිය, කොහුණුගමුව, පලල්ල, කප්පරතොට, කුඹල්ගම, වලාන, වැලැක්ක සහ නව ගාලු පාර යන ප්‍රදේශවලටයි.

තවද පලෑන, පොල්වත්ත, පොල්අතුමෝදර, වල්ලිවෙල, මිදිගම, තූර්කි යන ගම්මානවලටද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව සිය පාරිභෝජණයට අවශ්‍ය ජලය එක්රැස් කර තබා ගැනීමෙන් සිදුවන අපහසුතාවලින් මිදිය හැකි බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විශේෂයෙන් අවවාද කර සිටියා .

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.