Header Ads

බුද්ධි අංශ සිදු කළ හෙළිදරව්ව .! ලංකාවේ අයිඑස්‌ ත්‍රස්ථවාදීයෝ 75ක් රහසේ වැඩ කරමින් ඉන්නවා

ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් දෙනකු පමණ දැනට සිරියාවට ගොස්‌ අයිඑස් ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින බව ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. 

මෙම ත්‍රස්ථවාදීන් සිවුදෙනා සමග සෘජු සබඳතා පවත්වන තවත් පුද්ගලයන් හැත්තෑපස්‌ දෙනකු පමණ දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බවද ඔහුන් තහවුරු කර ගනිමින් සිටි. 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්‌ ත්‍රස්‌තවාදයට සහයෝගය දුන් ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකදී මේ බව හෙළිවී ඇත.

ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකිකයා ඒ ලෙස හඳුන්වමින් ඔවුන් මෙම විමර්ශනය කරගෙන ගොස්‌ තිබේ.

පසුගිය කාලයේ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වීම සඳහා ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සිරියාවට ගොස්‌ ඇති අතර ඔවුන් අබුදුජාන් තජුඩීන්, නිලාම්, ඉෂාන්, නිලාම්, නස්‌තීර් තජුඩීන්, රෝස්‌ සහ අමීන් නමැත්තන් බවද මෙහිදී හෙළිවී ඇත.

මෙම හය දෙනා සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැත්තෑ දෙනකු පමණද සිරියාවට ගොස්‌ තිබෙන බව හෙළිවී තිබේ.

එසේ සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එකතු වී සිටින හය දෙනා අතරින් අබුදුජාන් තජුඩීන් සහ නිලාම් යන දෙදෙනා ප්‍රහාරවලට ගොදුරු වීමෙන් මේ වන විට මියගොස්‌ ඇත.

 පුවත්පත් වාර්තා ඇසුරිනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.