Header Ads

කෝකිලායි සිංහල මහා විද්‍යාලයේ පිපිරීමක්- සිසුන් 8 ක් රෝහලේ

කෝකිලායි පොලිස් වසමේ කෝකිලායි ගම්මානයේ පිහිටි සිංහල මහා විද්‍යාලයේ පාසල් ළමුන් විසින් පාසල් භූමිය පිරිසිදු කර එම කුණු එකතු කර වැට මායිමේ පිළිස්සීමේදී සුළු පිපිරීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම පිපිරීමෙන් පාසල් සිසුවියන් 6 දෙනෙකු හා සිසුන් දෙදෙනෙකු කම්පනය හේතුවෙන් මුලතිව් මාංචෝල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට සිරීම් හෝ කිසිදු තුවාලයක් සිදු වී නොමැති බව ද පොලීසිය අනාවරණය කරයි.

කෝකිලායි පොලීස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් පිපිරීම සිදුවු ස්ථානය පරීක්ෂා කිරීමේ දී මසුන් මැරීමට යොදා ගන්නා ජෙනට් නයිට් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය කරලක් පුපුරා යාමෙන් සිදුවු බවට අනාවරණය කර ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ වැඩිදුර පරීක්ෂණ කෝකිලායි පොලීසිය විසින් සිදු කරනු ලබයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.