Header Ads

ජනාධිපති ලේඛමුත් ජනාධිපති හැර යයි - හිස්වූ ධූරයට ඔස්ටින් එයි.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අබේකෝන් මහතා දැනුම් දී ඇත්තේ, පෞද්ගලික අවශ්‍යතාවක් මත මෙම තීරණය ගත් බව ය.

මේ අනුව ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගින් හිස්වූ ධුරය සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්වීමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම සිවිල් පරිපාලන නිලධාරියෙකු වෙන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. පී.බී. අබේකෝන් මහතා 2015 වසරේ ජනවාරි මස සිට ජනපති ලේකම් වශයෙන් කටයුතු කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.