Header Ads

පනාමුරේ ඇතා මැරූ සාපයද මොලමුරේ වලව්වට පල දුනේනේ


රත්නපුර-ඇඹිලිපිටිය මහා මාර්ගයේ මාදම්පේ මංසන්ධියට නුදුරින් වැටී ඇති පටු ගම්සභා මර්ගය බොහෝ දෙනා හදුන්වන්නේ පනාවල පර යන සරළ යෙදුමෙනි.විවිධ තරාතිරමේ ජනී ජනයා වෙසෙන ජනාවාස අතරින්ද,සුන්දර වෙල්යායන් මැදින්ද වැටී ඇති මෙම මාර්ගයට මුහුණලා නැගී සිටින්නේ ප්‍රතාපවත් මන්දිරයකි.අව්-වැසි ආදි ස්භාවධර්මයේ අනේකවිධ කෙනෙහිලිකම්වලට ලක්වෙමින්ද,ලදු කැලෑව විසින් ගිලගනිමින් පවතින මේ මහා මන්ධිරයේ අතීතයේ තිබූ තේජාන්විත බව නම් තවමත් සහමුලින්ම ඉවත් වී නොමැත.අක්කර විස්සක පමණ වපසරියකින් යුත් සුවිසල් ඉඩම පුරා නිදහසේ වැඩුණු අඹ,කොස්,දෙල්,බුරුත,මිල්ල ආදී රූස්ස ගස් පෙළකි.හිරු එළියට පවා නිදහසේ ඇතුලු වීමට ඉඩ නොදෙන වනවදුල මේ භූමියේ සැගවී ඇති රසවත් ඉතිහාසයක් වසාගෙන ඇතැයි සිතේ.ප්‍රෙද්ශයේ වෙසෙන සෑම දෙනාම මෙම අඩක් ගරාවැටුණු ගොඩනැගිල්ල හදුන්වන්නේ ‍්මාකදුරේ වලව්ව යනුවෙනි.ඒ වටා විහිදුණු ඉඩම වලව්වත්ත නමින් ප්‍රකටය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වූ අධිනීතීඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාට සෙවන දුන් අටකලන්පන්නේ පිහිටි මාකදුරේ වලව්ව මෙසේ ගරා වැටෙමින් පවතින්නේ අප රටේ දේශපාලන හා සමාජයීය වශයෙන් රසබර තොරතුරු රැසක්ද සමගින් වීම අතිශය ඛේදජනකය.

ඉංග්‍රීසින් මෙරට පාලනය කළ යුගයේ මඩුවන්වෙල කලු කුමාරයා නමින් විරුදාවලි ලත් කොළොන්නේ මඩුවන්වෙල දිසාවේගේ දේපොළ හා බූදලයට හිමිකම් කියූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා ශ්‍රී ලංකාවේ අවසාන අලි ගාලේ උරුමක්කරුවාද විය.වර්ෂ 1950දි ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බොහෝ දෙනා අතරද මහත් ආන්දෝලනයක් ඇති කළ පනාමුරේ ඇත් රජු වෙඩි තබා මරා දැමීමේ සිද්දියේ සෘජුවම චෝදනා එල්ල වූයේ ප්‍රැන්සිස් මොලමුරේටය.

තම වර්යා වෙනුවෙන් සටන් වැද වෙඩි කා මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් පනහා දශකයේ රට පුරා විරෝධතා රැසක් ඇති විය.එහි ප්‍රථිපලය වුයේ මිනි මතුවට ලංකාවේ අලි ගාල් බැදීම සපුරා තහනම් වීමයි.මොලමුරේ පවුලට විරුද්ධව එකල කවි කොළ පවා මුද්‍රණය වු අතර ඒවා උණු කැවුම් මෙන් ජනතාව අතරට අලෙවි වී තිබේ.බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ප්‍රභූ පැලැන්තියේ විනෝදාංශයක් වු වල් අලි ගාල් කිරිමේ කටයුත්තට ප්‍රැන්සිස් මොලමුරේ මහතා සම්බන්ධ වුයේද හෙතෙම දැඩි විනෝදකාමි පුද්ගලයෙකු වීම නිසා බව පැවසේ.

පනාමුරේ අලි ගාල් කරන ස්තානය සියලු පහසුකම්වලින් සමන්විත කුඩා නගරයක සිත්ගත් බව පැරැන්නේ පවසයි.අලි ගාල් කරන දිනවලදී  මොලමුරේ මහතා ඇතුලු ඔහුගේ දෙස් විදෙස් මිතුරන්ට නවාතැන් ගැනීම සදහා අලි ගාලට නුදුරින් විශේෂ නවාතැන්පොළක් ඉදිකිරීමද සිරිතකි.මෙම නවාතැම්පොළ එදා පනාමුරේ වැසියන් හදුන්වා ඇත්තේ ඇතින්නියන්ගේ ගාල යනුවෙනි.ඒ එහි සිදුවුණු ක්‍රියාකාරකම් පිළිබද හුදි ජනයාට ඉගියක් ලබා දීමට විය යුතුයි.මෙරට කාන්තාවක් ප්‍රථමවරට මැති සභයට තේරිපත්වූයේ රාජ්‍ය මාන්ත්‍රණ සභාවටය.ඒ 1931දීය.මීදෙනියේ අදිකාරම්ගේ දියණිය වූ ඇඩිලින් මීදෙණිය මහත්මිය මෙසේ ලංකාවේ ප්‍රථම මන්ත්‍රිවරිය වු අතර පසු කලෙක ඇය ප්‍රැන්සිස් මොලමුරේ සහතාගේ පියම්භිකාව වුවාය.ඇඩිලින් මීදෙණිය.ඇඩිලින් මොලමුරේ වූ අතර ලංකාවේ ප්‍රථම කතානායකවරයාගේ බිරිය ලංකාවේ මුල්ම මන්ත්‍රිවරිය වීමද ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමකි.ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනය ඉහලින්ම ජයගත් අතර අඩ්ලින් මොලමුරේද සෙනෙට් සභාවට පත් වී එහි සභාපති පදවියටද පත් වුවාය.ප්‍රැන්සිස් මොලමුරේ සහ ඇඩ්ලින් මොලමුරේ යුවල දිගු කාලයක් දිවි ගෙවුයේද පෙර සදහන් අටකලන්පන්න මාකදුරේ වලව්වේය.එකළ ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් වු කව් කොළකාරයන්ගේ මොලමුරේ මහතාට ගැලවිල්ලත් නම් නොවීය.

මඩුවන්වෙල දිසාවේගේ බූදලයේ හිමිකරුවා වූ මොළමුරේ මහතා කොළඹ ඉම්පීරියල් බැංකුවේ තැන්පත් කර තිබු මඩුවන්වෙල දිසාවේගේ බූදලයෙන් මුදල් ලබා ගැනීමේදි වංචාවක් සිදු කළ බවට එදා කවි කොළ මගින් රට පුරා ප්‍රචාරයක් ඇති විය.ඊට හේතු වූයේ ඉම්පීරියල් බැංකුවේ රු 20,000ක් ලබා ගැනීම සදහා රත්නපුර දිසා අධිකරණයෙන් අනුමැතියක් ලබා ගත් මොලමුරේ මහතා බැංකුවෙන් රුපියල් 50,000ක මුදලක් ලබා ගැනීමයි.අදිකරණයෙන් අවසර දුන්නාට වැඩා මුදලක් බැංකුවෙන් ලබා ගැනීමේ චෝදනාවද මොලමුරේට එල්ල විය.පනාමුරේ ඇත්ගාලේ පනාමුරේ ඇතා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රැන්සිස් මොලමුරේ මහතා මෙරට කතානායක ධූරය දරමින් සිටියේය.පනාමුරේ ඇතාට වෙඩි තබා මරා දැමීම රටවැසි බොහෝ දෙනාගේ සංවේගයට හා අප්‍රසාදයට ලක්ව තිබුණ අතර කතානායකවරයාට පහර ගැසීමට ඔහුගේ ප්‍රතිවාදීහු යුහුසුලු වූහ.ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ වාමාංශික දේශපාලන නායකයකු වූ ආචාර්ය ඒන්.ඒම් පෙරේරාය.ඔහු පනාමුරේ ඇතාට වූ අසාධාරණය තේමාව කර ගනිමින් රට පුරාම විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කළේ හතු පිපෙන්නා සේය.එකළ පළවු පුවත්පත්ද මේ සදහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන් අතර කවි කොළකාරයන්ගේද හොද්ද බොර වූ බව පැවැසේ.

මාකදුරේ වලව්වයි අපේ පන්සලයි බොහොම සම්බන්ධයි.ප්‍රැන්සිස් මොලමුරේ මහත්තයා පනාමුරේ ඇතාට වෙඩි තිබ්බට පස්සේ බොහොම කළකිරීමෙන් හිටියේ.ඒ නිසා එතුමා ආගමට දහමට බොහොම ලැදි කෙනෙක් වුණා.අවසාන කාලයේදී වලව්වේ තිබූ පිගන් බඩු,ඇද,පුටු මේස පවා පන්සලට පුජ කරලා තියනවා.අපේ රටේ පළමු කතානායකවරයා වෙච්ච,පනාමුරේ ඇතා නිසා ලෝක ප්‍රසිද්ධ වුණු මොලමුරේ මහතා ජීවත් වූ වලව්වේ අද තත්ත්වය ඉතා ශෝචනීයයි.කිසිම වගකිය යුතු ආයතනයක් හෝ පුද්ගලයකු මේ ගැන අවධානය යොමු කර නැහැ.අපේ රටේ එක්තරා යුගයක් කියාපාන මේ වලව්වත්,පළමු කතානායකතුමාගේ සොහොනත් සංරක්ෂණය කළොත් වටිනවා.මෙසේ වේහැල්ලක මුදලින්දාරාම විහාරාධිපති පුජ්‍ය රංගේගම නන්දසිරි හිමියන් ප්‍රකාශ කලේය.

මොලමුරේ මහතා කතානායක අසුන මතදී හිටිහැටියේ මැරී වැටුණේ ඔහුගේ විරුද්ධවාදියකු  විසින් සිදු කළ හූනියමක් නිසා බව ඒදා දේශපාලන කරළියේ පැතිර ගිය ප්‍රසිද්ද රහසකි.එහෙත් රටේ ඇතැමෙක් ඔහුගේ අභාවය දුටුවේ පනාමුරේ ඇත් රජුට කළ අපරාදය මොලොවදීම පලදීමක් හැටියටය




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.