Header Ads

වෛද්‍ය වැඩ වර්ජනය සතියකින් කල් ගිය හේතුව මෙන්න !!

හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය සතියක කාලයක් සඳහා අත්හිටූවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, පිළිබඳ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වා තිබේ.

වැඩ වර්ජනය ප්‍රකාශයට පත්වීමෙන් පසු විවිධ පාර්ශව තම ඉල්ලීම් සම්බන්ධයෙන් දැක් වූ ධනාත්මක ප්‍රතිචාර මත වර්ජනය තාවකාලිකව අත්හිට වූ බව එම සංගමය සඳහන් කළේ ය.

කෙසේ වෙතත් බලධාරීන් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග හේතුකොට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.