Header Ads

අමාත්‍ය රාජිතගේ උත්සහය... නව වෛද්‍ය සංගමයක් පිහිටුවීමට !!

නව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උත්සාහ දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එහි උපදේශක ධුරය සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදි ඇති බවයි.

මේ අතර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.