Header Ads

‘‘ මාස්ටර් බ්ලාස්ටර්ලාගේ‘‘ වාර්තාත් බිඳ දමා කෝලි ඉදිරියට

ඉන්දීය නායක විරාත් කෝලි සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් බිඳ හෙලා තිබෙනවා.

ඒ ලකුණු හඹායෑමෙදී වැඩිම ශතක ගණනක් රැස් කළ ක්‍රීඩකයා වශයෙනි.ඒ අනුව ඔහු ලකුණු හඹායන අවස්ථාවන්හි ශතක 18ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ටෙන්ඩුල්කාර්ගේ ශතක 17 වාර්තාව පසුකරමිනි.

 ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබාගත් ශතකය ඔහුගේ 28 වන ශතකයයි.

ඒ අනුව එක්දින තරඟ ඉතිහාසයේ වැඩිම ශතක රැස්කළ පිතිකරුවන් අතර තෙවන තැන දිනාගැනීමට ඔහු සමත්ව තිබෙනවා.ඒ සනත් ජයසූරිය රැස්කළ ශතක 28 වාර්තාව සමකරමිනි.

තවමත් 28හැවිරිදි වියේ පසුවන කෝලි එක්දින වාර්තා රැසක් තමාගේ කරගනු ඇති බවට විචාරකයන් මත පළකරනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.