Header Ads

මහින්ද පිල පොළොන්නරුවෙත් දෙදරයි – රොෂාන් සියළු වගකීම් වලින් ඉවත්වෙයි!


ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවලින් තමන්  ඉවත්වන බව පොළොන්නරු දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. මෙම තීරනයත් සමග ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බව හෙතෙම කියා සිටියි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයින් විසින් තමාගෙන් විමසීමකින් තොරව බිම් මට්ටමද, හරිහැටි හඳුනා නොගෙන ගන්නා තීන්දු තීරණ හේතුවෙන් දිස්ත්‍රීක්කයට නායකත්වය දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අපහසුතාවක් මේවන විට නිර්මාණය වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. පොළොන්නරු දිස්ත්‍රීක්කයේ බල පෙරළියකට මේ දක්වා තමාට සහයෝගය දුන් ජනතාවට, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සියලුම දේශපාලන අධිකාරියට තමාගේ උත්තමාචාරය පුදකරන බවද මන්ත්‍රීවරයා තම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ(18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සහාය පළ කළේය.

මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දැක්වූ දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දුමින්ද දිසානායක මහත්වරුන් හමුවි පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.