Header Ads

ඛනිජ තෙල් සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් එම සේවාවට සම්බන්ධ සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

නිවේදනය නොතකා ඔවුන් රැකියාවට වාර්තා නොකරන්නේ නම් ඔවුන් රැකියාව හැර ගියා සේ සළකනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඊට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට පත් කර ඇති බැවින් එම කටයුතුවල නිරත වන අදාළ බවුසර්වලට නැවත ඉන්ධන ගබඩාවට පැමිණෙන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක රංග කලන්සුරිය මහතා ප්‍රකාශ කර ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.