Header Ads

මහාධිකරණ විනිසුරු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයට එරෙහිව උතුරේ නීතිඥයින් වර්ජනයක


යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාට එල්ලවු වෙඩි ප්‍රහාරයට එරෙහිව අද උතුරු පළාතේ නීතිඥවරුන් වැඩ වර්ජනයක නිරත විමට තිරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ උප සභාපති ජනාධිපති නිතිඥ ශාන්තා අභිමන්නසිංහම් මහත්මියගේ අත්සනින් නිකුත් කළ ලිපියක මේ බව සඳහන් ය.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් එම වෙඩි ප්‍රහාරය එල්ල වු වූයේ පෙරේදා පස්වරුවේදී ය.

වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාට කිසිදු අනතුරක් සිදු නොවූ අතර ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්විය.

යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදි සිවලෝගනාදන් විද්‍යා දැරිය සමුහ දුෂණයට ලක් කර ඝාතනය කළ සිද්ධියට අදාළ නඩුව විභාග කරන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෙක් ලෙස ද විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා කටයුතු කරනු ලබයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.