Header Ads

උමා ඔය ව්‍යාපෘතියේ සිදු කළ වංචා ගැන හෙළිදරව්වක්

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වේ.

මේ අතර මෙම ව්‍යාපෘතිය තුළින් පසුගිය සමයේ සිදුව ඇතැයි කියන වංචාවක් පිළිබඳව කැෆේ සංවිධානයේ සභාපති කීර්ති තෙන්නකෝන් මහතා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණක් කළේ ය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු සකස් කළ ඉංජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් 2008 වසරේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ඇස්තමේන්තුව අමෙරිකානු ඩොලර් මිලියන 548කි.

මෙම ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු සිදුවූ කාල සීමාවේ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ, චමල් රාජපක්ෂ මහතා ය.

එවක මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, දිගුකාලීන ක්‍රියාවලියක් පිළිබඳව නැවත සොයා බැලීමකින් තොරව කරුණු ප්‍රකාශ කළ නොහැකි බව ය.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.