Header Ads

සුද්දාගේ දේපොල විකුණා සල්ලි ගත්ත තමයි ඒත් ගත්තු සල්ලිවලට කළ දේ මතක නෑ - ගම්මන්පිල වරද පිළිඅරන් - සාක්කි මෙන්න


ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් පෙත්සම් වලින් වරද පිළිඅරන් - සාක්කි මෙන්න 

උදය ගම්මන්පිල සහ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ කෝටි ගණනක දේපොල කූඨ ආකාරයෙන් වංචා කළ සිද්ධිය ජනතාවට අමුතු ප්‍රවෘත්තියක් නොවේ. කෙසේ නමුත් ගම්මන්පිල මුල සිටම චෝදනාව බොරු යැයි කියමින් මාධ්‍ය වලට ප්‍රකාශ කළද, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ලිඛිත දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය වංචාව පිළිගෙන තිබේ. ඔහු පමණක් නොව ඔහුගේ ගජයා සිඩ්නි ජයසිංහ විසින් දුන් දිව්රුම් ප්‍රකාශයකින්ද බ්‍රයන් ෂැඩික්ගේ දේපොල විකුණා මිලියන ගණනක මුදල් ලබා ගත් බව පිළිගෙන ඇති අතර මුදල් වලට කළ දේ ඔහුට දැන් මතක නැතැයිද කියයි. මෙම අමතක වීම, නීතියේ සිදුරුවලින් රිංගීමට ගෙතූ පට්ටපල් බොරුවකි. ඩොලර් මිලියන ගණනකට කළ දෙයක් මතක නැති වීම තරම් විහිලුවක් තවත් නැත. දැන් මොවුන්ගේ එම සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය ඕනෑම අයෙකුට අධිකරණයෙන් ලබා ගත හැකිය. (දිව්රුම් ප්‍රකාශ වල ඒ බව සඳහන් කොටස් මෙහි දැක්වේ)
ගම්මන්පිල හොර තක්කඩියා මුලදී කීවේ මෙසේය. “මේ වන විට පොලීසිය සොයාගෙන තිබෙනවා බ්‍රයන් ෂැඩික් නැමැති පුද්ගලයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් කිසිම දවසක තිබිලා නැහැයි කියලා. ඔහුගේ ඒවා හොරකම් කරන්න මුලින්ම ඔහුට කොටස් තිබිය යුතුයි. දෙවැනි කාරණය ඔහු කිසිම දවසක මට ඇටර්නි බලපත්‍රයක් දුන්න බවට කිසිදු සාක්ෂියක් නෑ."

ඉහත ආකාරයෙන් මුල සිටම මෙම සිද්ධිය අභූත චෝදනාවක් හා ගොතන ලද මනංකල්පිතයක් යැයි එකහෙළා කියූ ගම්මන්පිලම දැන් එය සත්‍යයක් බවත්, බ්‍රයන්ට කොටස් තිබූ බව හා ඒවා විකුණා තමා මුදල් ගත් බවත් පිළිගැනීම සත්‍යවාදීන් ලැබූ ජයග්‍රහණයකි.

මේ අතර ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන්නේ උදය ගම්මන්පිල මෙම සිද්ධියේ දී රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීම සඳහා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් නීතිය නවා උදව් කරන ලද බවයි.

(ගම්මන්පිලගේ සහ සිඩ්නිගේ දිව්රුම් ප්‍රකාශවලින් වරද පිලිගෙන ඇති අයුරු මෙහි ඇති ඉමේජ වල කහ පැහැයෙන් ලකුණු කර තිබේ )
(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.15)



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.