Header Ads

ඩෙංගු නිසා පාසල් නිල ඇඳුමත් වෙනස් වෙයි

මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.

පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මහත්මිය ප්‍රකාශ කළේ, මේ යටතේ සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක් සහ ටීෂර්ටයක් හෝ අත්දිග කමිසයක් භාවිත කළ හැකි බව ය.

ඇඳුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ.

මීට අමතරව පැඟිරි තෙල් හෝ මදුරු විකර්ශක සංයෝග අඩංගු ද්‍රව්‍ය සිරුරේ ආලේප කිරීම මගින් මදුරුවන්ගෙන් සිදුවන බලපෑම අවම කරගන්නැයි සිසුන් දැනුවත් කරන ලෙස ද විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

පන්ති කාමර තුළ එවැනි ද්‍රව්‍ය යොදා පහන් දැල්වීම හෝ පැඟිරි ස්වල්පයක් සිරුරේ ආලේප කිරීම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීම ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ උපදෙස් මාලාවට ඇතුළත් ය.

වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 90,865 දෙනෙකු සහ මරණ 250 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

වාර්තා වූ රෝගීන් අතුරින් 30% ක් පාසල් සිසුන් වේ.

ඉන් බහුතරයක් සිසුවියන් වේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් සිසුන් නිල ඇඳුම වෙනුවට මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැකි ඇඳුමක් භාවිත කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය තිරණය කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.