Header Ads

එළියට උස්සනවා ඇතුළට උස්සනවා...පිස්සු කතා - විජයකලා දිනේෂ් ගුණවර්ධනට කියපු කතාව


පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ඊයේ පාර්ලිමේන්තුවේ ඇගේ කතාවක් අරඹන්නට සූදානම් වෙද්දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇයට බාධා කරමින් නව ව්‍යාවස්ථාව සම්බන්ධ වෙනත් කාරණාවක් ගැන සභාවට බැණ වදිමින් සිටියේය. ඔහුගේ බාධාව නිසා මිනිත්තු ගණනාවක් 
යනතුරු ඇයට කථාව අරඹන්නට බැරිව ගිය අතර ඇය කැඩුණු සිංහලෙන් ඇයට වූ බාධාව ගැන කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ප්‍රථම වරටය.

‘අපිට කථාකරන්න දෙන්නකො..මම කතා කළාට පස්සෙ කතා කරන්න..වාඩිවෙන්න.. මේ දිනේස් ගුණවර්ධන මන්ත්‍රී තුමා අපිට වේලාව දෙන්න...අයියෝ කථා කරන්න..

අයියෝ මට මයික් දාල තියනවා. ඕගොල්ලන් සෙල්ලම් කරනවා පාර්ලිමන්ට් ඇවිල්ල.. අපි කොච්චර දුකෙන් ඇවිල්ල ඉන්නවද මෙතන පාර්ලිමන්ට් එකේ කතා කරන්න..

මේ අද මේ සම්බන්ධයෙන් නෙමේනේ.. හැමදාම ජාතිවාදය උස්සනවා..
එළියට උස්සනවා ඇතුළට උස්සනවා...පිස්සු කතා..‘

විජයකලා මන්ත්‍රීනිය සිංහලෙන් කතා කරනු අසා කලකට පසු පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඇතුළු පිරිස් සිනහසුණ බවද වාර්තා විය.

පහත පළවන්නේ ඇය සිංහලෙන් කථා කළ හැටිය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.