Header Ads

උතුරු මැද ගැටුමෙන් පසු හිටපු ඇමති රෝහලේ - හිටපු සභාපති පොලිසියේ

උතුරු මැද පළාත් සභාවේ ඇති වූ ගැටුමට මැදිවීමෙන් උතුරු මැද පළාත් සභා මන්ත්‍රී එච්. බී. සේමසිංහ මහතා ඊයේ රාත්‍රීයේ අනුරාධපුර ශික්ෂණ රෝහලට  ඇතුලත් කර තිබේ.

ඒ මන්ත‍්‍රීවරුන් පිරිසක් කළ පහර දීමකින් තමාගේ ගෙල ප‍්‍රදේශයට තුවාල සිදු වී ඇති බව පවසමින්.

උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඊයේ ගැටුමක් බවට පත් විය. ඉන් සෙංකෝලයට ද හානි සිදු වූ අතර හිටපු සභාපතිවරයා වෙනුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩී. එම්. අමරතුංග මහතා ඊයේ පස්වරුවේ එම තනතුරේ දිවුරුම් දී තිබේ.

මේ අතර උතුරු මැද පළාත් සභාවේ සභාපතිධූරය ඉසිලු ටි. එම්. ආර් සිරිපාල මහතා අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකු තමාට පහරදී, පළාත් සභාවේ දේපළවලට අලාභානි සිදු කළ බවට චෝදනා කරමිනි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නීති විරෝධි හැසිරීම හේතුවෙන් තමන් මෙම පැමිණිල්ල සිදු කළ බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.