Header Ads

බුදු දහමේ ප්‍රමුඛස්ථානය අහිමි විය හැකියි. අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එක හෙළා විරුද්ධයි.- අස්ගිරි මහ නාහිමියො

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වය ශ්‍රී ලංකාවට අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට එක හෙළා විරුද්ධ බව බුද්ධ සාසන කාර්ය සාදන මණ්ඩලයට දැනුම් දි තිබෙනවා.

ඒ එම එම නිකායේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤණරතන ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසිනුයි.

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමේ එක්‌ අරමුණක්‌ වන්නේ බෙදුම්වාදයට ඉඩ සැලසීමත්, පවතින ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්‌ථානය අහිමිකිරීමටත් බව තම පාර්ශවයේ විශ්වාසය යැයිද මහානායක ස්‌වාමීන්ද්‍රයන් ප්‍රධාන සංඝරත්නය අවධාරණය කර තිබෙන බවද වාර්තා වනවා.

රට, ජාතිය හා බුද්ධ ශාසනය ශත වර්ෂාධික කාලයක්‌ ආරකෂා කළ මුර දේවතාවුන් ලෙස සැලකෙන භික්‌ෂූන් වහන්සේගේ කිසිදු නියෝජිනයක්‌ නොමැතිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සාකච්ඡාවක්‌ පැවැත්වුණු බව පැවසූ නායක හිමිපාණන් වහන්සේ එම සාකච්ඡාවට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතවරුන්ට නම් අවස්‌ථාව ලැබුණු බවද එම නියෝජිත පිරිසට තදින් දන්වා තිබෙන බවද දැක්වෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.