Header Ads

බන්දු බින්දුව අත්නොහරී

ප‍්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහගේ චරිතය අනුකරණය කරමින් නිෂ්පාදනය කළ චිත‍්‍රපට තුනකට රංගනයෙන් දායක වූ බව කියන බින්දු බෝතලේගම ඇතුළු පස් දෙනෙකුට එරෙහිව සංශෝධිත චෝදනා පත‍්‍රයක් ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට අද (04) දැනුම් දුන්නා.

ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව අදාල චෝදනා පත‍්‍රය අගෝස්තු මස 01 වැනි දා ගොනුකරනු ඇති.

බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය වන පරිදි අවසරයකින් තොරව තමා අනුකරණය කර චිත‍්‍රපටවල රඟපා ඇති බවටයි බන්දු සමරසිංහ කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිලි කර තිබුණේ. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.