Header Ads

ඉන්දියාව සමාගම් ලක්ෂයක ලියාපදිංචිය අහෝසි කරයි.


සමාගම් ලක්ෂයකට අධික සංඛ්‍යාවක ලියාපදිංචිය අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. 

විදෙස් වාර්තා සඳහන් කළේ, එම සමාගම් ව්‍යාපාරික නීති උල්ලංඝණය කිරීම කළු සල්ලි ජාවාරම සහ බදු ගෙවීම් පැහැර හැරීම ආදි වැරදි සිදු කර ඇති බවයි.

තවත් සමාගම් ලක්ෂ 3ක් පමණ විගණන පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් එම සමාගම්වල නම් මෙතෙක් හෙළි කර නොමැත.

කළු සල්ලි සංසරණය වැළැක්වීම සහ සමාගම් බදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පියවර ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

ඉහළ නාමික අගයකින් යුත් මුදල් නෝට්ටු අවලංගු කිරීමට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දීය රජය පියවර ගත්තේ ය.
ඒ නීති විරෝධි ලෙස මුදල් සංචිත සඟවා ගෙන සිටින පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා යි.

එම ක්‍රියාමාර්ගය ඔස්සේ ඉන්දීය ආර්ථිකය දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළේ, මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, දුප්පත් ජනතාවට ප්‍රතිලාභ අත් කර දීමේ අරමුණින් බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.