Header Ads

කමල් හසන්ගේ දුව,සිනමා නිළි අක්ෂරා බුදු දහම වැළද ගෙන -බුදුදහමේ ඉගැන්වීම් බොහෝම ශ්‍රද්ධාවෙන් අනුගමනය කරනවාලු

දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන්ගේ දෙවෙනි දියණිය අක්ෂරා සිය පියා සහ වැඩිමහල් සොහොයුරිය ශෘති අනුගමනය කරමින් සිනමාවට එක්වුනා .

අක්ෂරා සිනමාවට පා තබන්නේ විවේගම් චිත‍්‍රපටය හරහා.
එහිදි ඇය සමග ප‍්‍රධාන චරිතයට රංගනයෙන් එක්වන්නේ තවත් ජනප්‍රීය නළුවෙකු වන අජිත්.

කෙසේ වෙතත් පසුගිය දිනක පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අක්ෂරා අපූරූ දෙයක් හෙළිකරලා තිබුනා. .ඒ ඇය බුදු දහම වැළද ගත් බව.
විශේෂයෙන් බුදුදහමේ ඉගැන්වීම් ඇය බොහෝම ශ්‍රද්ධාවෙන් අනුගමනය කරන බව.
අක්ෂරා බුදු දහම වැළද ගැනීම සම්බන්ධව ඇගේ පියා කමල් හසන්ගේ ප්‍රතිචාරය නම් මෙතෙක් මාධ්‍යයට හෙළිව නැහැ.

අක්ෂරාගේ විවේගම් චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීම ආරම්භ වීමට නියමිතයි.

 අක්ෂරා හසන්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.