Header Ads

දූෂිතයන් ඇල්ලිමේදී රනිල් අසාර්ථකයි - මෛත්‍රී වැඩට බහී

පසුගිය රජය සමයේ මහාපරිමාණ වංචාවල නියැලී සිටි බව කියන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ගේ සමීපතම හිතවතුන්ට අදාළ චෝදනා විමර්ශණය කිරීම සහ නඩු පැවරීමේ ක්‍රියාදාමය ඉතා මන්දගාමී බවත් එම පරීක්ෂණ වලට එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින්ගෙන් බාධා සිදුවන බවටත් චෝදනා කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට ගැනීමට තීරණය කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙන බව වාර්තා වී තිබේ.

පෙරේදා (04) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

තමන් යටතේ මාස තුනක් ඇතුලත මෙම විමර්ශණ සහ නඩු විමසීම් අවසන් කර දූෂිතයින්ට එරෙහිව දඩුවම් ලබා දිය හැකි බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇත.

රාජපක්ෂ ආණ්ඩුවක් නැවත පැමිණිය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට ප්‍රශ්නයක් නොමැති බවද තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ ජීවිතයට පරදුවට තබා බවත්, පරාජයට පත්වූයේ නම් පුතා හා බෑණා සිරකර දමා තමාද මරා දැමීමට ඉඩ තිබූ බව ඒ මහතා පවසා ඇත.

එජාපයේද සහය ලැබීම තමාට ජනාධිපතිවරණය ජය ගැනීමට රැකුලක් වූ බවද සඳහන් කර ඇති හෙතෙම ඒ කෙසේවෙතත් දූෂිතයන් නීතිය හමුවට නොපැමිණවීම තමාගේ ජීවිතයට ද තර්ජනයක් බවද සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.