Header Ads

නාය යාමේ අවදානමක් හේතුවෙන් බදුල්ල, දික්අරාව ප්‍රදේශයේ ජනතාව සිය නිවාසවලින් ඉවත් කෙරේ

නාය යාමේ අවදානමක් හේතුවෙන් බදුල්ල, ඇල්ල, දික්අරාව ප්‍රදේශයේ පවුල් 30ක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ප්‍රදේශයට තද වැසි ඇදහැලීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බව ය.

නිවාසවලින් ඉවත් වීමට එහි පදිංචිකරුවන් විරෝධය පළ කළ අතර ඇතැම් පිරිස් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වන සේ විරෝධතාවට එක්වූහ.

පසුව ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අතුළු පිරිසක් පැමිණ සාකච්ඡා කිරීමෙන් පසු ප්‍රදේශවාසීන්ගෙන් කොටසක් ආරක්ෂිත ස්ථාන වෙත පිටත්ව ගියේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.