Header Ads

කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයට යුද හමුදාව ඇතුළු වෙයි

කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයට අද අලුයම යුද හමුදාව ඇතුළු විය.

ඒ, අනුව යුද හමුදාව විසින් එහි සිටි සේවකයින් ඉවත් කිරීමට පියවර ගනු ලැබිණි.

නමුත් එම අවස්ථාවේදී එහි සිටි සේවකයින් ඊට විරෝධය පල කළහ.

කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයේ සහ එහි සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් එම ස්ථානයෙන් ආරක්ෂක අංශ විසින් ඉවත් කළ බවට පොලීසිය පැවසු බව සදහන් වේ..

ඒ, අනුව ඉවත් කළ සේවකයින් මේ වනවිට කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයේ ගේට්ටුව අසළ රැඳී සිටින බව වාර්ථා වේ.

මේ අතර ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට රජය පියවර ගැනිණි.

රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්තුමාගේ අත්සනින් ලැබුණු බව ය.

ඒ අනුව ඛනිජ තෙල් ගොඩබෑම ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වනු ඇති.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.