Header Ads

වාද විවාද මැද හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තැබීම අද

රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය ක්‍රියත්මක කිරීමට අදාළ ගිවිසුම අද අත්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම යන තේමාවෙන් රටේ ආර්ථික ගමන් මග පිලිබඳ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

"අපි හම්බන්තොට වරාය පිළිබඳව ගිවිසුම හෙට අත්සන් කරනවා. මේ නිසා අපිට ‍මේ අවුරුද්දයි එන අවුරුද්ද තුළ ඩොලර් බිලියන 1 දශම 1ක් අපට ලැබෙනවා. අපේ විදේශ ණය ඒ ප්‍රමාණයෙන් අපි අඩු කරගන්නවා. 2011 ඉදන් හම්බන්තොට වරාය රුපියල් බිලියන 46ක් නැති කර ගත්තා. තාම මත්තලින් ඒ වගේම මුදල් නැතිවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසානය වෙනකොට මත්තල පිළිබඳව ගිවිසුමක් ඇවිල්ලා මත්තල ගුවන් තොටුපොළත් හම්බන්තොට වරායත් දෙකම ක්‍රියාත්මක කරන්න කියලා අපි කියන්න කැමතියි. මම දන්නෙ නෑ සුරිය වැවැ ක්‍රීඩාංගණයටනම් හොයන්න පුළුවන් වෙයිද කියලා. අපිට සාක්කුවෙන් ගෙවන්න වෙයි ඒකනම්. ආර්ථිකය ස්ථාවර කරන්න තමයි අවුරුදු 2ක් ගියේ මඩ වගුර සුද්ද කරන්න වුණා. දැන් ගොඩනැගිලි පෙන්වන්නම් මඩවගුර සුද්ද කරන එක පෙන්නන්න බෑ. පෙනෙන්නෑ.ඒත් අපි දැන් ඒක අලංකාර කරලා හදපු ගොඩනැගිල්ල අපිට පේනවා අද මහබැංකුවේ අධිපතිතුමා කිව්ව අපිට අපේ වර්ධන වේගය මේ අවුරුද්දෙ 4 දශම 5යි – 5යි අතර බලාපොරොත්තු වෙනවා කියල. මම බලාපොරොත්තු වෙනව ඒක 5ක් වත් කරගන්න අපිට පුළුවන් වෙයි කියලා "

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.