Header Ads

රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක්

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට සිලෝන් ටුඩේ පුවත් පත අද වාර්තා කර තිබේ.

එම වාර්තාවේ දක්වා ඇත්තේ, ඊට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද අතැම් අමාත්‍යවරුන් එයට සහය දක්වන බවයි.

නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යවරුන් තිදෙනා බැගින් තම පුවත්පත සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බව ද සිලෝන් ටුඩේ වාර්තාවේ දැක්වේ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් රවී කරුණානායක මහතාට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිමට අවශ්‍ය බව ප්‍රකාශ කළ බවත් එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත දැක් වූ අදහස්,

කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති,

ඒ ගොල්ල අවුරුදු 15ක් තිස්සේ කරපු හොරකම් ඒ ගොල්ල අවුරුදු 15ක තිස්සේ කරපු නාස්තිය දූෂණය මෙයාලා අවුරුදු 5න් කරන්න හදනවා. ඒක තමයි අද රවී කරුණානායක මහත්තයාලගෙන් ඔප්පු වෙන්නේ. මහ බැංකුවේ බැඳුම්කර වංචාව, අපි දැක්කේ විගණකාධිපතිතුමාගේ කොලවල ඉලක්කම් වලින් පේන දේ. ඒක තමයි අර්ජුන මහේන්ද්‍රන්ගලත් එක්ක. ඇලෝසියස්ලත් එක්ක, ඒ ගොල්ලන්ගේ සල්ලි වලින් ජාවාරම් කරලා, මේ ගොල්ල ගෙවල් ගත්ත හැටි දැන් ඔප්පු වෙනවා. රවී කරුණානායක මහත්තයාලට තව දුරටත් රෙදි ඇඳගෙන තවදුරටත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුලුවන්ද? එවැනි කැබිනට් මණ්ඩලේක මේ ඇමතිවරුන්ට ඉන්න පුලුවන්ද? ඉන්න පුලුවන් මොකද මේ ගොල්ල ලැජ්ජා නහර කපලා තියෙන්නේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ පළ කළේ මෙවන් අදහසක්,

එක්සත් ජනතා නිදහස් සන්ධානය, රමේෂ් පතිරණ,

කුප්‍රකට බැඳුම්කර ගනුදෙනුවේ සාක්කි දෙන්න ආපු මහත්මියක් කිව්වා රවී කරුණානායක මුදල් ඇමතිවරයාට රුපියල් කෝටි 16ක ගෙයක් බද්ධට අරන්දුන්නැයි සල්ලිවලට අරන් දුන්නැයි කියලා රුපියල් කෝටි 16 රවී කරුණානායකතුමාට දුන්නේ බැඳුම්කර ගනුදෙනුවේ ගනුදෙනුව කලාට නෙවෙයි එයාට දුන්නේ ඔය පපේචුවල් ටෙෂරිස් කියන සමාගම නැගෙනහිර පළාතේ ස්කාගාරයක් ආරම්භ කළා ඒ ස් සයිඩ් සපෝට් එකක් දිපු රවී කරුණානායකට කෝටි 16 ක් දුන්නානම් අගමැතිවරයාට කෝටි කියක් දුන්නාද කියලා තමුන්නාසේලා හිතලා බලාගෙන ඉන්න අපි විශ්වාසභංග යෝජනාවක් ගේනවා විශ්වභංග යෝජනාව ගෙනාවට මදී මිත්‍රවරුනි විලිලැජ්ජා තියෙන ආණ්ඩුවක්නම් අගමැතිවරයාත් එක්ක හෙට මුලු ආණ්ඩුවම අස්වෙලා ගෙදර යන්න ඕන කියලා අපි බොහෝම පැහැදිලිව කියනවා මිත්‍රවරුනි ඒක තමයි සත්‍යයකාගාරය බදු නිදහස් කරලා දුන්නාට තමයි රුපියල් කෝටි 16 දුන්නේ ඒ බැඳුම්කර වංචාවේ මහා මොලකරු තමයි මේ රටේ අගමැතිවරයා හැටියට කටයුතු කරන පුද්ගලයා බැඳුම්කර මෙහෙයුම කළේ අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා කියන කාරණය කුප්‍රකට රහසක්
ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා මොණරාගලදී මේ සම්බන්ධයෙන් පළ කෙරු අදහස්,

ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක,

ජනවාරි මාසේ ආණ්ඩු හදනවා හොරුන්ට දඬුවම් දෙන්න. පෙබරිවාරි මාසේ 27 හොරකමක් කරනවා. මහා බැංකුවේ මහා වංචාව. පර්පචුවල් කියන සමාගම 2015 මාර්තු 30 ඉඳන් 2016 මාර්තු 30 වෙනකොට මුදල් වර්ෂයේ ලාභය කෝටී 520යි. මහ බැංකුවේ අධිපතිගේ බෑනාගේ අවුරුද්දක ලාභය, කෝටී 520යි. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට කෝටී 1 හමාරයි. තමුන්නාන්සේට ආණ්ඩුවෙන් ගෙයක් හදාගන්න නිවාස ආධාර කීයද? උපරිම ලක්ෂයයි. රවී කරුණානායකගේ මාස 6ක ගෙවල් කුලිය පක්ෂ 111යි. කවුද ලක්ෂ 111 ගෙවිවේ? ලක්ෂ 111ක් ගෙවපු බව ඔප්පු වෙලා තියනවා අර්ජුන මහේන්දුන්ගේ බෑනා අර්ජුන ඇලෝසියස්. අර්ජුන ඇලෝසියස් , රවී කරුණානායගේ ගෙවල් කුලී ගෙවනවා. මොකක්ද අර්ජුන ඇලෝසියස්ට තියන ගාය. මොකක්ද තියන දුක. මේ මහජනයගේ ධනයෙන් හොරකම් කරන්න අර්ජුන ඇලෝසියස්ලට පාර හදන්නේ රවී කරුණානායකලා. රනිල් වික්‍රමසිංහලා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.