Header Ads

"තාත්තාගෙ බෙහෙත් වලට මට ලක්ෂ පහක් ඇති- ඉතුරු සල්ලි ඔයාලා ගන්න" පියාගේ ප්‍රථිකාරවලට මුදල් නොවු නිසා මංකොල්ලයකට සහය දුන් තරුණයා

මුලු රටෙහිම ආන්දෝළණයක් ඇති කල රාගම ලක්ෂ 77ක මංකොල්ලයේ සුලමුල හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මංකොල්ලය මෙහෙයවන්නට මුල් වූ ඔත්තුව දුන් තරුණයා පවසා තිබුනේ පිළිකාවකින් පීඩා විදින සිය පියාගේ ප්‍රථිකාර වලට මුදල් නොවු නිසා මේ මංකොල්ලයට සහය දුන් බවයි.

මෙම කොල්ලය සිදුවුනේ වත්තල  රෙදිපිළි ආයතනයකින් ඉවත් කළ සේවකයෙකු සැපයූ ඔත්තුවක් මත එම ආයතනයේ මුදල් ගෙනයමින් පැවති අවස්ථාවක වාහනය හරස් කළ කොල්ල කණ්ඩායමක් මගින්.

කොල්ලය මෙහෙයවන්නට මුල් ඔත්තුව දුන් මේ කියන සේවකයා මින් පෙර අපරාධවලට සම්බන්ධව සිටි අයෙකු නොවන අතර ඔහුට බූරු ‍පොළකදී හමුවූ ජගත් නමැති කොල්ල කල්ලි නායකයා සමග ඇතිවූ කථාබහේදී මෙම මුදල් කොල්ලකන යෝජනාව දන්වා තිබෙනවා.

ලක්ෂ ගාණක් මුදල් සොරාගත හැකි බවත් තමාට ඉන් අවශ්‍ය කරන්නේ ලක්ෂ 5 ක් පමණක් බවත් ඔත්තුකාර සේවකයා දන්වා තිබුණ අතර ඒ කියූ ලෙසම කොල්ලකෑම අවසානයේ ඔහුගේ මුදල් කොටස ලැබී තිබෙනවා.

මේ සැකකරු පාසලින් මෑතක ඉවත්වූ  විසිහැවිරිදි අයෙක්.

කොල්ලයේ කොටස ලෙස ලැබුණු  ලක්ෂ පහක මුදලින් ලක්ෂ දෙකක් රෝහල්ගතව සිටින සිය පියාගේ පිළිකා එන්නත් සඳහා වැයකර ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

කොල්ල පිරිස ලක්ෂ 15 බැගින් බෙදාගෙන ඉන් පසුව වෙනමම ලක්ෂ පහක් ඔත්තුකරුට ලබාදී ඇති බවයි මේ වනවිට  හෙළිවී තිබෙන්නේ.

ඔහුගේ පියාගේ පිළිකා රෝගය කාලයක් තිස්සේ උත්සන්න මට්ටමක පැවතියත් මුදල් හිඟකම නිසා ප්‍රතිකාර ප්‍රමාද වූ බවත් ඒ අතරවාරයේ රැකියාවේ ප්‍රශ්නයක් නිසා රැකියාවද අහිමිවූ බවත් පවසා ඇති අතර එබැවින් කොල්ලයක් සිදු කර හෝ මුදල් උපයාගන්නට සිතා මෙම ඔත්තුව ලබාදුන් බවත් පාපොච්චාරණය කර තිබෙනවා.

මෙම් වනවිට මෙම කොල්ලය සිදුකළ සැකකරුවන් සියල්ල අල්ලාගෙන තිබෙන අතර ඔවුන් කොල්ලයෙන් ලබා ගත් මුදල්  සඟවා ඇති තැන්වලින් නැවත පොලිසියට ලබාදෙන්නට කටයුතු කර තිබුණා.

මේ වන  විට කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 40ක් සොයාගත් බව කැලණිය පොලිසිය පවසනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.