Header Ads

රට විකුණනවා යැයි මොර දෙන රාජපක්ෂලා, රට සින්නක්කරව විකුණු හැටි සාක්ෂි ඇතිව මෙන්න

මේ දිනවල දේශපාලන කරලියේ හා සමාජය තුල මේ ආණ්ඩුවට එල්ල වන විවේචන අතර ප්‍රධාන තැනක් ගන්නේ රටේ දේපොළ පිට රටවලට පවරා දෙන බවටයි. 

නමුත් එදා රාජපක්ෂ ආණ්ඩුව එළිපිටම රටේ ආර්ථික ආර්ථික අතින් ඉහලම වටිනාකමක් ඇති මිල කිරීමට පවා අපහසු ඉඩම් පිටරැටියන්ට සින්නකරේට ලියා දෙනවිට ඒවා නොදැක්කා සේ සිටි අය අද මෙසේ හඬනගන්නේ එකදු බිම් අඟලක් හෝ පිටරැටියන්ට ලබා නොදෙන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු දී තිබියදීය.

මොවුන් මෙසේ කරන අරමුණ හොඳින්ම පැහැදිලිය එනම් පරාජයවී බංකොලොත් භාවයට පත්ව සිටින සමහර දේශපාලකයන්ගේ දේශපාලන සිහින යතාර්ථයක් කිරීම උදෙසාය. 

තමන්ගේ වැරදි වසා ගැනීමට අනුන්ට ඇඟිල්ල දික් කරනවිට තමන්ට ඉතිරි ඇඟිලි සියල්ල දික්වන බවරුම් ගන්නට පවා ඔවුන්ට සිහියක් නොමැත.

අප මේ හෙළිදරව් කරන්නට යන්නේ රටේ ස්වෛරී භාවය උදෙසා තම ජීවිත කැප කළා කියමින් ලේබල් ගසාගෙන සිටි රාජපක්ෂවරු රටේ දේපොළ විකුණාගෙන කෑ ආකාරය පිළිබඳව සාක්ෂි කිහිපයකි.

ඉන් පළමුවැන්න ලෙස කොළඹ යුධ හමුදා මුලස්ථානය පිහිටි ගෝල්ෆේස් ඉදිරිපිට ඉඩම මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සින්නක්කරවම ඉතාමත් අඩු මිලකට (කුණුකොල්ලයට) සැන්ග්‍රී – ලා හෝටල් සමාගමට විකුණා දැමු ආකාරය මෙසේයි.

සින්නකරේට ඉඩම් විකුණුවේ නැතැයි රාජපක්ෂවරු පවසන මුසා අතේ පත්තුවන්නේ මහින්ද මහතා විසින් තම අත්සන යෙදු මෙම ලියවිල්ල නිසාවෙනි.


මෙම ඔප්පුවේ දැක්වෙන ආකාරයට මිල කිරීමට පවා අපහසු කෝටි ගණනාවක් වටිනා ගෝල්ෆේස් ඉදිරිපිට ඇති මෙම ඉඩම අදාළ සමාගම වෙත විකුණා ඇත්තේ හෙක්ටයාර 2.4361 හෙවත් පර්චස් 963.15ක්   රුපියල් මිලියන 8250ක පමණ ඉතා අඩු මුදලකටය. එනම් පර්චසයක් විකුණා ඇත්තේ ලක්ෂ 85ක පමණ කුණු කොල්ලයටයි.

මෙසේ රටේ හමුදා මුලස්ථානය තිබු ඉඩම පවා කුණුකොල්ලෙට මේ ලියවිල්ලේ දැක්වෙන පරිදි විකුණා දැමුවාට තිරය පිටුපස මේ සඳහා ලැබුණු කොමිස් මුදල කොපමනනම් විය හැකිද යන්න සැමට සිතා ගත හැකිය.

අද බොරුවට රටේ දේපොළ වෙනුවෙන් රාජපක්ෂවරු කිඹුල් කඳුළු හෙළුවාට ඔවුන් යුධ ජයග්‍රහණයට මුවාවී රණවිරුවන්ට මුවාවී රටේ දේපොළ විකුණා තමන්ගේ මඩිය තර කරගත් කිසිවක් මේ ආණ්ඩුව කරන්නේ නැත. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ විවිධ පියවරයන් දේශපාලනය ඉදිරියට දමා අඩපන කිරීමෙන් එහි පාඩුව සිදුවන්නේ සම්පුර්ණ රටේ ජනතාවටයි.

එම නිසා ජනතාව පැහැදිලිවම සිහි නුවනින් යුතුව තීරණ ගැනීමේ අවශ්‍යතාවය පමණක් අප පෙන්වා දෙන්නෙමු මෙවන් හෙළිදරව් රාශියක් ඉදිරියේදී අප සිදු කිරීමටද සුදානම් බව මතක් කර සිටිමු.

මෙම දුෂිත හා දේශද්‍රෝහී ගනුදෙනුවට අදාලව මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තැබූ ඔප්පුව පහත දක්වා ඇත.

උපුටා ගැනීම-  www.colombotribune











No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.