Header Ads

කුණු අදිනවා බලන්න GPS තාක්ෂණය යොදා ගැනීමට යයි

කසල ප්‍රවාහන රථ GPS තාක්ෂණය මගින් නිරීක්ෂණය කිරීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබේ.

පළාත් ප්‍රධාන ලේකම් එම්. ඒ. බී දයා සෙනරත් මහතා ප්‍රකාශ කළේ, කසල ප්‍රවාහනය කරන වාහන සහ ඒවායේ සේවකයින් අනිසි ක්‍රියාකාරම්වල යෙදෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් කසල රැස් කිරීම ප්‍රමාද වීමේ ගැටළු මතුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

කසල ප්‍රවාහන රථවලට GPS යන්ත්‍ර සවි කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික ආයතන සමග ගිවිසුම් අත්සන් තබා ඇති බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර තිබේ.

ඉදිරි සතිය වන විට එම වැඩපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.