Header Ads

‘‘ඉන්නේ ලංකාවේ වුණාට ජීවත් වෙන්නේ ඇමරිකාවේ‘‘ - තමා නොදන්නා බව කී බුකියේ අයට ජනප්‍රියම නලු රුවන් පෙරේරාගෙන් සැර උත්තරයක් (PHOTOS)

යොවුන් රංගන ශිල්පි රුවන් පෙරේරා පසුගිය දවසක තිබුණ සම්මාන උළේලකදී ජනප්‍රියම සම්මානය දිනාගත්තා.කොහොම නමුත්  රැවන් පෙරේරා කියලා නලුවෙක් ඉන්නවද කියලා තමන් අහලවත් නෑ කියලා සමාජ ජාල වල උදවිය කියලා තිබුණා....ඒ කතාවට රුවන් පිළිතුරු දුන්නේ මෙන්න මේ විදියටයි....

ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍රවීම ගැන මොකද හිතන්නේ?

මෙච්චර ඉක්මනට මෙහෙම සම්මානයක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ඇත්තටම හරිම සතුටුයි මොකද මං කරලා තියෙන ‍පොඩි  චරිතෙ  පවා මිනිස්සු ආදරේ කරලා තියෙනවා වගේම ඒ චරිත මිනිස්සු අතරට ගිහින් තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ලක්ෂ ගාණක් තුළින් මිනිස්සු මාව ජනප්‍රිය නළුවා කරලා තියෙන්නේ.

හිතේ බලා‍පොරොත්තුවක්  තිබුණද මේ සම්මානය ලැබෙයි කියලා?

ගිය අවුරුද්දේ මං නැගී එන හොඳම නළුවට හිමි සම්මාන 2ක් ලබාගත්තා. ඒ වගේම හොඳම සහය නළුවට නිර්දේශ වුණා. නමුත් මේ අවුරුද්දේ ජනප්‍රිය නළුවා සම්මානය පිළිබඳ ලොකු බලා‍පොරොත්තුවක් තිබුණේ නෑ. රයිගම් ආයතනයෙන් නිකුත් කළ පළමුවැනි ප්‍රතිඵලය  තුළ මං පළමුවැනියට ඉන්නවා.  දකිනකොට හිතේ පුංචි බලා‍පොරොත්තුවක් ඇතිවුණා. පළවෙනියට ඉන්නකොට එහෙම හිතෙනවනෙ. ඉතින් මගේ ආදරණීය රසික රසිකාවියෝ ඒ තැන මාව දිගටම රඳවා ගනිමින් මාව පළමුවැනි තැන තැබුවා.

සමාජජාල තුළ තිබුණා ජනප්‍රිය නළුවා අඳුනන්නේ නෑ කියලා ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒ  පලකරලා තියෙන  විවේචන තුළ අපේ රටේ කලාව පිළිබඳ ඔවුන්ගේ ඇති අවබෝධය මට වගේම අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන්.  සමහර මිනිස්සු ඉන්නවා  ලංකවේ ‍පොළවේ පය ගහලා,  මේ රටේ කෑම බිම කාලා,  මේ පරිසරයේ හැදිලා වැඩිලා පිටරටට ආවඩන අය. හැමදාම මං කියන දෙයක් තමයි හින්දි නාට්‍ය, කොරියන් නාට්‍ය ජපන් නාට්‍ය බලන ලංකාවේ ජනතාව මේ රටේ නිර්මාණ බලන්නේ නෑ. නමුත් විවේචනය කරනවා. ඔවුන් ඉන්නේ ලංකාවේ වුණාට ජීවත් වෙන්නේ අමෙරිකාවේ. නමුත් කොයිම හෝ අවස්ථාවක ඔවුන්ට පිහිට වෙන්නේ මේ රටේ මිනිස්සු ඒ විවේචන තුළින් ඔවුන් කියන්නේ ඔවුන්ගේ අවංකම අදහස මොකද  ඔය නිතර දෙවේ‍ලේ පෙන්වන ඉන්දියන් නාට්‍යවල ලංකාවේ අපි රඟපාන්නේ නෑනේ.

සම්මානේ ලබාගන්න  කොච්චර වියදම් වුණාද?

සම්මාන ලබාගන්න මම සල්ලි වියදම් කළේ  නෑ. මට කිසිම වුවමනාවක් සහ අදහසක් නෑ සල්ලි වියදම් කරලා  සම්මාන ගන්න. මං කළ චරිතයන්ට  සහ මට ආදරේ කරන මගේ රසික පිරිස මාව ඇගයීමකට ලක්කරලා ලබා දුන්නු සම්මානයක් මිසක් සල්ලිවලට ගත්ත  සම්මානයක් ‍නෙවෙයි. මං දන්න විදියට ඒ ලැබුණු ප්‍රමාණය ඉතිහාසගත වාර්තාවක්

කොහොමද රංගනයට සම්බන්ධ වෙන්නේ?

සුරේෂ් අබේසේකරයන්ගේ අසුරාවේෂය   නාට්‍ය මගේ  පළමුවැනි නාට්‍යය. එහි චන්න පෙරේරාගේ යාළුවෙක්ගේ චරිතයට මම සහභාගි වෙනවා. එතැන් සිට  උතුවන්කන්දේ සරදියෙල්, ජීවිතේ ලස්සනයි යන ටෙලි නාට්‍යවලට මම රංගනයෙන් දායක වුණා. 2007 දී මට ජැක්සන් ඇන්තනී සර්ව මුණගැහෙනවා. එතැන් සිට සර්ගේ හැම නිර්මාණයකම චරිතයක් මට වෙන් වුණා. අබා චිත්‍රපටයේ සිට දායක වුණු එම නිර්මාණ අතුරින් දස්කොන් නාට්‍යයේ චරිතය විශේෂයි. එයට ඇගයීමක් වශයෙන් තමයි මම ගිය වසරේ නැගීඑන හොඳම නළුවා බවට පත්වන්නේ.

පාස‍ලේදී රංගන කටයුතුවලට සහභාගි වෙලා තියෙනවද?

ඔව්. මං පාසල් යන කා‍ලේ ඉඳන්ම රංගන කටයුතුවලට සහභාගි වෙලා තියෙනවා.  මගේ රංගන ජීවිතය කියන්නේ එක පාරටම ආපු ගමනක් නමෛයි.  පෙර පාසල් කා‍ලේ සිට ලබපු අත්දැකීම්වල ප්‍රතිඵලයක් තමයි මගේ රංගන ජීවිතය.

ජීවිතේ ඉටුකරගන්න තියෙන හීන මොනවාද?

මගේ ජීවිතේ තියෙන හීනය තමයි නළුවෙක් විදියට තවදුරටත් ගොඩනැගෙන එක. ඒ වගේම විවාහ වෙන්නත් ඕනි.  ඒකත් ජීවිතේ තියෙන බලා‍පොරොත්තුවක්.

පුද්ගලික ජීවිතේ විස්තර ටිකක් කීවොත්

මගේ ගම රත්නපුරේ ගිලීම‍ලේ. පවු‍ලේ ඉන්නේ අම්මා, තාත්තා, අයියා, මල්ලි සහ මගේ ආච්චි අම්මා.

ඉදිරියට කරන්න තියෙන වැඩකටයුතු?

දැනට කරගෙන යන නිර්මාණයන්ට දායකවෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය 2 ක් සහ චිත්‍රපට 2කට ආරාධනා ලැබිලා තියෙනවා.

සම්මානයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ පවු‍ලේ අයට ගොඩක් සතුටුයි. ගිය වසරේත් මම සම්මානයක් ගත්තා.  මේ වසරේත් සම්මානය ලැබිමට මුල් තැනට පත්වීම නිසා  ඔවුන්ගේ බලා‍පොරොත්තු දවසින් දවස  වැඩි වුණා සම්මාන උත්සවයට මං ගියේ මගේ මල්ලිත් එක්ක. එයා ගොඩක් සතුටු වුණා වගේම සතුට වැඩිකමට එයා ඇඬුවා. මගේ පාස‍ලේ යාළුවෝ. ගමේ යාළුවෝ, ක්ෂේත්‍රයේ යාළුවෝ හැමෝගෙම සුබපැතුම් මට ලැබුණා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.