Header Ads

මුහුදට ගසාගෙන යමින් සිටි අලියා බේරා ගැනිමට නාවික හමුදාව කළ මෙහෙයූම -PHOTOS

නැගෙනහිර මුහුදු තීරයේ කෝකිලායි පෙදෙසේදී මුහුදට ගසාගෙන යමින් තිබු අලියකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්‌කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක්‌ ඈත මුහුදු සීමාව දක්වාම මෙම අලියා ගසාගෙන යමින් තිබී ඇත.

සැඩ පහරට හසුව ගසාගෙන යමින් සිටි අලියා කඹ මගින් බේරා ගෙන නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවට හැකිව තිබෙන අතර මුර සංචාරයේ නිරත වූ වේග ප්‍රහාරක යාත්‍රාවක සිටි නාවික භට පිරිසක්‌ විසින් ප්‍රථමයෙන්ම මෙම අලියා දැක තිබේ.

නාවික භටයන් දැඩි පරිශ්‍රමයක් දරා අලියාට උපද්‍රවයක් නොවන සේ රැහැන් දමා අලියා ගොඩබිමට රැගෙන විත් තිබෙන අතර ඉන්පසුව වනජීවි දෙපාර්තමේන්තුවට අලියා භාර දීමට කටයුතු කර ඇත.

එම මෙහෙයුමේ ඡායාරූප පහතින් .!









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.