Header Ads

විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කළ නරුමයා බේරගන්ඩ විජයකලා ආපු හැටි..! (Video)


ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා රහස් පොලිසියට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ දැනට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ නීතීඥවරුන් අධිකරණයේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගිනිමිනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥවරු ඒ ගැන අධිකරණයේ අවධානයට යොමු කළහ.

විද්‍යා ඝාතන නඩුවේ නව වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බඳිනු ලැබ තිබිය දී රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇතැයි ද, ලලිත් ජයසිංහ මහතා ගැන විමර්ශන පවත්වන රහස් පොලිසිය ඇය ගැන විමර්ශනය කර නැතැයි ද ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වූහ. එම සිදුවීමට අදාල වීඩියෝපටයක් ද නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කළහ.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ගම්වාසීන් විසින් විදුලි කණුවක බඳිනු ලැබ සිටි ස්විස් කුමාර් බේරාගෙන මුදා හැරීම ගැන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශනය කරන ලෙසත්, ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් රහස් පොලිසියට නියෝග කළේය. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙස නියෝග කළේය.

විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කළ නරුමයා බේරගන්ඩ විජයකලා ආපු හ...
විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කළ නරුමයා බේරගන්ඩ විජයකලා ආපු හැටි..!
Posted by ලංකා පට්ට වීඩියෝ - Lanka Patta Video on Saturday, July 29, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.