Header Ads

සෞදි වීථියක ඩාන්ස් දැමූ 14 හැවිරිදි දරුවා අත්අඩංගුවට (VIDEO)

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලොව පුරා ප්‍රචලිත වූ සෞදි වීථියක නර්තනයේ නිතර වෙමින් රථවාහන ධාවනයට බාධා වන අයුරින් හැසිරුණු වන වීඩියෝවේ සිටින 14 හැවිරිදි දරුවා අත්අඩංගුවට ගෙන තිබේ.

කාර්යයබහුල අවස්ථාවකදී සෞදියේ මැකරනේ නගරයේ ප්‍රධාන වීථියක රථවාහන ධාවනයට බාධා වන අයුරින් එම දරුවා නර්තනයේ නිරත වන මෙම වීඩියෝව Twitter ඔස්සේ පළ වී තිබිණ.

අදාළ වීඩියෝව පහතින්….


ප්‍රසිද්ධ ස්ථානයක නුසුදුසු ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මෙම දරුවාගෙන් බලධාරීන් ප්‍රශ්න කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් දරුවා කිනම් ජාතියකු ද යන්න සම්බන්ධයෙන් හෙළි වී නොමැති අතර ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නේ ද යන්න සම්බන්ධයෙන් හෝ කරුණු හෙළි වී නොමැත.

තත්පර 45ක කාලයක් දිවෙන මෙම වීඩියෝව අනුව අදාළ දරුවා 90 දශකයේ ජනප්‍රිය ගීතයකට නර්තනයේ යෙදෙන අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක් ද නිර්මාණය වනු දැක ගත හැකි ය.


සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචලිත වූ මෙම වීඩියෝවේ සිටින දරුවා ඇතැමුන් වීරයෙකු ලෙස හඳුන්වා ඇති අතර තවත් අය මෙය නොමනා ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇත.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.