Header Ads

කෝප් සභාව රාජිතගේ පත්වීම් 24ක් අත්හිටුවයි | PHOTO

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කිසිම සුදුසුකම් පරීක්ෂාවකින් පවා තොරව දේශපාලන අවශ්‍යතා මත ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ රැකියා සඳහා ලබා දී ඇති පත්වීම් 24ක් අත්හිටුවා එම රැකියා ලාභීන්ගේ සුදුකම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් සභාව විසින් එම සංස්ථාවට නියෝග කර ති‍බේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගනිමින් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ අත්සනින් ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථා වෙත නිකුත් කළ ලිපියක් මගින් මෙම සේවකයන් බඳවාගැනීමට උපදෙස් ලබා දී ඇත.

විශේෂයෙන් වාද්දූව, කටුකුරුන්ද, බුලත්සිංහල, බදුරලිය ආදී කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල පිරිසකට මෙසේ පත්වීම් ලබාදී ඇති අතර ඉන් තිදෙනෙක් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස අනියුක්ත කර තිබේ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවෙන් වැටුප් ලබමින් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස සේවය කර ඇත. ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවට බඳවා ගන්නා සේවකයන් එලෙස වෙනත් කටයුතු සඳහා අනුයුක්ත කිරීමට නීති ප්‍රතිපාදන නොමැති බවත් එය නීති විරෝධී බවත් අනාවරණය වී තිබේ.

එමෙනම් මෙලෙස බඳවා ගත් තවත් සේවකයින් 06 දෙනෙකු සේවයට වාර්තා නොකර වැටුප් පමණක් ලබාගෙන ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම පිරිසෙන් 18 දෙනෙකු 2015 නොවැම්බර් 09වන දින බඳවාගෙන ඇති නමුත් ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ 2016 මැයි 18වනදාය.

ඒ අනුව මොවුන්ගේ පත්වීම් සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙර පත්වීම් ලබා දී ඇත.

ඒ අනුව මොවුන් බඳවා ගත් ක්‍රමවේදය සහ මොවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමටත් සේවට වාර්තා නොකර වැටුප් ගැනීම හා නීතිවිරෝධී ලෙස ඇමතිවරායාගේ සම්බන්ධීකරණ ලේකම්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා ලැබීමත් අදාළව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කෝප් සභාව විසින් අදාළ පත්වීම් අත්හිටුවා තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.