Header Ads

ආවා කල්ලියේ ප්‍රධානියා ඇතුළු 6 ක් අත්අඩංගුවට

යාපනයේ “ආවා කල්ලිය“ ප්‍රධානියා ඇතුළු හය දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් “නිශා වික්ටර්“නැමති මෙම ආවා කණ්ඩායමේ ප්‍රධානියා පසුගිය දා යාපනය - කෝපායි - කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

විනෝද්, මනෝජ් හා සිවසුභ්‍රමනියම් යන සැකකරුවන් තිදෙනා පිටකොටුව බස් නැවතුම් පොළේ දී අත්අඩංගුවට පත් වී ඇති අතර එක් අයෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හා අනෙක් දෙදෙනා අද උදෑසන යාපනය ප්‍රදේශයේ දී මෙලෙස හසුවී ඇත.

පොලිස්පතිවරයාගේ පූර්ණ උපදෙස් මත සිදු කෙරුණු පරීක්ෂණවලින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

මෙම පිරිසට අමතරව කඩු දෙකක් හා යතුරු පැදියක් ද අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.