Header Ads

වසර 62 කට පසු උදාවූ පූර්ණ සූර්යග්‍රහණය ඇමෙරිකානුවන් නැරඹූයේ මෙහෙමයි| - Video

වසර 62කට පසුව ඇති වූ පූර්ණ සූර්ය ග්‍රහණයෙන් පසුව සිදුවන පළමු වැනි පූර්ණ සූර්ය ග්‍රහණය අත්විඳීමට ඇමෙරිකානු ජනතාවට ඊයේ (21) අවස්ථාව උදාවිය.

මීට පෙර පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිව තිබුණේ 1955 වසරේදීය. උතුරු ඇමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වූ මෙය, ඊසානදිග ආසියාව, දකුණු ඇමෙරිකාව සහ බටහිර යුරෝපා රටවලට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය විය.

බොහෝ ඇමරිකානුවෝ මෙම අවස්ථාව දැකබලා ගැනීමට එක් වූ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්,හිටපු ජනපති ජොජ් ඩබ්ලිව් බුෂ්,ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන බිල් ගේට්ස් , සුපිරි ඇමරිකානු නළු නිළියන් ගායකයින් ඇතුලු බොහෝ පිරිසක්ද ඒ අතර විය.

සූර්ය ග්‍රහණය දෙස පියවි දෙනෙතින් බැලීම අනතුරුදායක බැවින් ඒ සඳහා විශේෂිත කණ්නාඩි වැනි ආරක්ෂිත උපක්‍රම භාවිත කළ යුතු බව පවසා තිබුණත්, වරෙක ට්‍රම්ප් පියවි ඇසින් හිරු දෙස බලන දසුනක් මාධ්‍යයේ පළ වී තිබුණේ ට්‍රම්ප් වෙත උපහාසයක්ද එල්ල කරමිනි.

මේ අතර, ඇතැම් ඇමෙරිකානුවන් සූර්ය ග්‍රහණය සිදුවන අවස්ථාවේදී ආගම සිහිකරන ආකාරය මෙන්ම, ඉන් තමන් වෙත ආශිර්වාද ලබාගැනීමට කටයුතු කරන දසුන් මෙන්ම, ඇතැම් ඇමෙරිකානුවන් නිරුවතින් පවා ඒ දෙස බලා සිටි බවද විදෙස් වාර්තා පවසා තිබුණි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.