Header Ads

A/L ඉවරයි ජීවිත 6ක් හමාරයි


යාපනයේ මණ්ඩතිව් මුහුදේ ඊයේ (28) වැනිදින දහවල් තෙප්පමකින් යමින් සිටි පාසල් සිසුන් හය දෙනකු ඊයේ දහවල් තෙප්පම පෙරැළී යෑම නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය අයගෙන් පස් දෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර අනෙක් සිසුවාගේ මළ සිරුර සොයා ගැනීමට අපහසු වී තිබේ.

අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව උපන් දිනය සමරන්න විනෝදයට මුහුදු ගිය පාසල් සිසුන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති අතර ඔවුන් සියලුම දෙනා වයස අවුරුදු 21ක් පමණ වන බවද වාර්තා වේ.

තෙප්පමක් ආධාරයෙන් හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිරතිව් ජැටිය ප්‍රදේශයට යාත්‍රා කොට ඇති අතර හදිසියේම එම තෙප්පම පෙරැළී තිබේ.
මෙහි සිටි එක් සිසුවකු මුහුදෙන් පීනා ගොඩට පැමිණ ඇති අතර අනෙකුත් සිසුන් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇත.
කයිට්ස් පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

අනතුරින් මියගිය සිසුන් යාපනය, නල්ලූර්, කොක්කුවිල් හා උරුම්පිරායි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදාවේද සහාය ඇතිව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් යාපනය පොලිසිය පවසයි.

සිසුන් ගමන් කොට ඇත්තේද නිසි ප්‍රමිතියකින් තොර බෝට්ටුවකින් බවද තොරතුරු අනාවරණය වෙයි. මියගොස් ඇත්තේ නන්තන් රජීවන් අවුරුදු 18 (උරුම්පිරායි), නහසිලෝගන් සින්නතම්බි අවුරුදු 17 (උරුම්පිරායි), තනුෂන් අවුරුදු 18 (සන්දිලිපායි), තනුරතන් අවුරුදු 20 (කොකුවිල්), ප්‍රවීන් අවුරුදු 20 (නල්ලූර්) හා ජයශාන්තෛයි තිනේෂ් අවුරුදු 17 (උරුම්පිරායි) යන අයයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.