Header Ads

ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මකයි.පාරේ යන්න කලින් දැන්ම දැන ගන්න

කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගවල බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ වේ.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ, උදෑසන 6 සිට පෙරවරු 9 දක්වා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වන බවයි.

අදියර කිහිපයක් යටතේ මාර්ග කිහිපයක් ඒ සඳහා යොදා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව පළමු අදියර ලෙස අද දිනයේ රාවතාවත්ත කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ත් වැල්ලවත්ත සිට බම්බලපිටිය දක්වාත් මෙය ක්‍රියාත්මක ය.

ලබන 22වනදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්  එය ක්‍රියාත්මක කෙරෙනු ඇති. එමෙන්ම බම්බලපිටිය මංසන්ධියේ  සිට පිත්තල හන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ. 

ලබන 29 වනදා බත්තරමුල්ල දියත උයන ආසන්නයේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන් හෝල් මංසන්ධියේ සිට තුන් මුල්ල දක්වාත් මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාසවලදී තවත් තෝරා ගත් මාර්ග කිහිපයක ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇති.

පෞද්ගලික හා ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථද මෙම ප්‍රමුඛතා මංතීරුවල ගමන් කළ යුතු බවයි බස්නාහිර සංවර්ධන හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ. 

අමාත්‍යවරයා පැවසූවේ, රථ වාහන තදබදය අඩු කර පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.