Header Ads

උතුරේ පොලිස් නිළධාරීන්ට වෙඩි තබා පොලිස් ස්ථාන ගිනි තැබූ පුද්ගලයන් හතක් හෙළි වේ - සියලු දෙනාම හිටපු කොටි .!


උතුරු පළාතේ නැවත භීෂණයක් ඇති කරමින් පොලිස්‌ නිලධාරීන්ට පහර දුන් හා පොලිස්‌ මුරපළවල් ගිනි තැබූ පුද්ගලයන් හත්දෙනකු පොලිසිය මගින් ආයුධත් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

මෙම පුද්ගලයන්  පුනරුත්ථාපනය ලැබූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකුද මොවුන් අතර සිටින බවත්  හෙළි ව තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනේ පොලිස්‌ මුරපළකට පහර දී ගිනි තබා විනාශ කිරීම , පොලිස්‌ නිලධාරීන්ට සහ නිල රථයකට ප්‍රහාර එල්ල කිරීම හා පොලිස්‌ නිලධාරියකුගේ නිවසකට ද පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ය.

සංවිධානාත්මක පිරිස් මගින් යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් මුරපළ වලට පහර දී ගිනි තබා විනාශ කිරීමේ අවදානමක් මතුව ඇති අතර පසුගිය කාළයේ පොලිස්‌ නිලධාරීන්ටද උතුරේදී ප්‍රහාර එල්ල වුනා.

මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.