Header Ads

දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් ලොක්කාට වසර පහක සිරඬුවමක්..!

අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබූ  සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය.

ෙදූෂණ චෝදනාවලට වරදකරු වූ ලී ජායේ-යොංට දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දීම,අල්ලස් දීම, මූල්‍ය වංචා සහ විදෙස් රටවල වත්කම් සඟවා තැබීම යන චෝදනා ද එල්ලවී තිබේ..

කෙසේ වෙතත් දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොං ඔහුට එරෙහිව නැගෙන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

අදාළ අධිකරණ නියෝගය ලබා දීමත් සමග කොටස් වෙළෙඳපළේ සැම්සුන් කොටස් මිල 1% පහත වැටී ඇති අතර,අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ලී ජායේ-යොංගේ නීතිඥයෙකු පැවසීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.