Header Ads

මම මැරිලා ඉපදුනු මිනිහෙක්, මගේ පෙම්වතිය බිරිඳ කරගන්න දවසේ ඇයව හැඬවුණේ මගේ අතින්මයි

ජයලාල් රෝහණ කියන්නේ අපේ රටේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්.

ඉතිං ඔහුගේ ජිවිත ගමන ගැන ලියැවුණු අපූරු සටහනක් ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

මගේ ගම ජයවර්ධනපුර කෝට්ටේ.. 1971 අවුරුද්දේ පළමු වසරට පාසලට ඇතුලත් වුණා.

මට මතකයි අම්මයි, අප්පච්චියි ගෙවල්වලට ළඟම පාසල වුණු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට මාව ඇතුල් කළා.

කාලය ගෙවෙද්දි 1976 අගභාගෙදි අපිට බොහොම නරක කාලයක් උදාවුණා.

ඒ අප්පච්චිව කිසියම් පිරිසක් විසින් ඝාතනය කිරීම.

එතකොට මට වසය අවුරුදු 13 ලැබුවා විතරයි.

අම්මත් රැකියාවක් නොකරන නිසා එතැන් පටන් ජීවිත ගමන ගෙවාගන්න එක ලේසිවුණේ නැහැ.

ඊට පස්සේ මම ඉස්කෝලේ ගියේ සතියට දවස් තුනයි.

ඉතිරි දවස්වල මේසන් බාස්ලට අත්උදව් දෙන්න, කොන්ක්‍රීට් අනන්න වගේ දවස් කුලියේ වැඩ වලට ගියා.

එහෙම කරලා කොහොම හරි සාමාන්‍ය පෙළත් හොඳට පාස්වුණා.

ඒ විදිහට වැඩකරන ගමන් අධ්‍යාපන වැඩකටයුතු කළා.

ඕකට තමයි කියන්නේ බඩට කන්න නැතිවෙන තරමට දුක දැනෙනවා වැඩියි කියලා. එතකොට ඒ දුකෙන් ගැලවෙන්න හොඳම මාර්ගය ඉගෙනගෙන ගොඩයන එකයි කියන හැඟීම හිතට එනවා.

ඔය විදිහට ජීවිතේට ආපු සියලු බාධා ජයගෙන පවුලටත් හයියක් වෙලා විශ්වවිද්‍යාලයට යන්න මටපුළුවන් වුණා.

1987 වනවිට වේදිකාවේ ජයලාල් රෝහණ කියන නම ප්‍රේක්ෂකයන්ට ටික ටික හුරු වෙන්න පටන් ගත්තා.

ඒ වෙද්දි කෙටි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදනය අංගරචනය රංගනය ආදියෙන් දායක වුණා.

මම 2005 දි හොඳම නලුවා සම්මානය ලැබුණා.

මම ජීවිතේ අවස්ථා කිහිපයකදීම මැරිලා ඉපදුනු මිනිහෙක්. එකක් පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ත්‍රස්තවාදීන් විසින් බෝම්බ පිපිරවීම. හරියටම අප්‍රේල් මාසේ 21 වැනිදා. නීතීඥ හේමන්ත ගමගේ මිතුරාත් මමත් තවත් මිතුරෙකුත් එතන හිටියා.

හේමන්ත සහ මම බේරුණත් අනිත් මිතුරා බෝම්බයෙන් මියගියා.
අදටත් ඔහුව මතක්වෙන වාර අනන්තයි.

තවත් පාරක් නුගේගොඩ බෝම්බෙ පිපිරෙද්දිත් අපි එතන.

තවත් වරෙක දෙමටගොඩදි මුහණ දුන් බිහිසුනු දුම්රිය අනතුර කිසිම පුද්ගලයෙකුට නොවේවා කියා හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා.

එදා විශ්ව විද්‍යාලයේ සිට ගෙදර යන්න දෙමටගොට කෝච්චිපාර හරහා යමින් සිටියදී ජංගම දුරකථනයෙන් කතාකරමිනුයි ගමන් කළේ.

පිටුපසින් පැමිණි දුම්රියක හැපි විසිවි ගොස් තිබෙනවා.

මොකක්ද වුණේ කියලා කිසිම දෙයක් අදටත් හිතාගන්න බැහැ. කොහොම හරි හැමෝම හිතලා තියෙන්නේ මම මැරිලා කියලා.

දන්න කියන අයත් දැක දැක අහක බලාගෙන යද්දි දෙමටගොඩ චූටි මල්ලි කියන හිත හොඳ මනුස්සයා මාව ත්‍රීරෝද රථයක දමාගෙන රෝහලට ගෙනිහින් තිබෙන්නේ අනිත් අය කියන කිසිත් පිළිනොගෙන මට තවමත් පණ තියෙනවා කියමින්.

ඔහු නොහිටින්න ජයලාල් රෝහණ කියන පුද්ගලයා අද ජීවිතුන් අතර නැහැ.

මගේ රසිකයිනුත් එම අවස්ථාවේ මා වෙනුවෙන් බෝධි පූජා පවත්වා සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

මට හිතෙන්නේ මෙවැනි මාරක අනතුරුවලින් බේරෙන්න අපි කරන යහපත් ක්‍රියා හේතු වෙන්න ඇති.

මනාලියව මනාලයාම හැඩගැන්වූ පුවතක් සමහරවිට ඔබ අසාවත් නැතිව ඇති.

ඒත් මගේ පෙම්වතිය පසුව බිරිය කරගන්න විවාහ වූ දිනයේ ඇයව හැඩගැන්වූයේ මගේ අතින්මයි.

අපි රූපලාවන්‍ය ශිල්පීන් කිහිපදෙනෙක් ළඟටම ගිහින් මිලගණන් විමසුවා.

ඔවුන් ඉල්ලන තරම් මුදලක් වැය කරන්න අපි දෙදෙනාටම නොහැකි බව තේරුණා.

පසුව මම කීවා මගේ ළඟ තියෙන මේකප් සෙට් එකෙන් මම හැඩගන්වන්නම් කියලා.

රුපියල් 45000 කින් විවාහ උත්සවය ගත් කෙනෙක් මම.

අද කාලේ වගේ ලෝන් දාලා විවාහ් වෙලා බෙල්ලෙ වැල දාගන්නේ නැතිව අතේ තියෙන ගාණට විවාහ උත්සවය ගත්තා.
ඒ නිසා අදත් මම සතුටින්.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.