Header Ads

රෝහලේ කාන්තා වැසිකිලියේ සී.සී.ටීවී කැමරා සවි කල රජයේ වෛද්‍යවරයා නීතියේ රැහැනට

අනුරාධපුර රජයේ රෝහලේ කාන්තා වැසිකිලියක සී.සී.ටීවී කැමරාවක් සවි කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිලයක සී.සී.ටීවී කැමරාවක් සවිකර දර්ශන රූගත කළ මෙම වෛද්‍යවරයා නිතීයේ රැහැනට කොටු වන්නේ 2013 වසරේ දෙසැම්බර් මස වන අතර ඔහුට එරෙහිව නඩු පැවරීමට මේ තරම්  කල් ගත වීම පුදුමයට කරුණක් බව එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය පවසා සිටිනවා.

මේ අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරුවේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙසකට අනුවයි.

ඒ අනුව චෝදනා ලබා සිටින වෛද්‍යවරායට ලබන මස 15 වැනිදා අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළ අතර මින් පෙරද මෙම වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පසුව මුදල් හා ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.