Header Ads

අකිල ධනංජයගේ මහන්සිය වතුරේ යයි: ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව යළි ත් පරාජය වැළඳ ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ, අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ 800 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ මෙය මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයයේදී පැවැත්විය.

යළි ත් වරක් කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී පන්දු රැකීමට තීරණය කළේය.

ඒ, අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 41ක සබදතාවක් ගොඩනැඟුවේය.

දික්වැල්ල ලකුණු 31කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 121 ක් තුළදී බිඳ වැටුණි.

අනතුරුව මිලින්ද සිරිවර්ධන සහ චාමර කපුගෙදර එක්ව 6වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

එක්දින දිවියේ 3 වැනි අර්ධ ශතකය වාර්තා කළ මිලින්ද සිරිවර්ධන ලකුණු 58 ක් රැස් කළේය.

චාමර කපුගෙදර ලකුණු 40ක් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 236 ක් රැස් කළේය.

අනතුරුව තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ, හේතුවෙන් ජයග්‍රහණය සඳහා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 47 කදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 231 ක ඉලක්කයක් හිමි විය.

රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් අතර ඉන්දීය පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 109 කි.

එක්දින දිවියේ 32 වැනි අර්ධ ශතකය වාර්තා කළ රෝහිත් ෂර්මා ලකුණු 54 ක් රැස් කළේය.

අනතුරුව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යොවුන් ක්‍රීඩක අකිල ධනංජය ඉන්දීය ඉනිම කඩා බිඳ දැමීමට සමත් විය.

රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල්, කේදර් ජාදෙව්, විරාත් කෝලි, හාර්ඩ්දික් පාන්ඩ්යා සහ ආක්සා පටේල් ධනංජයගේ පන්දු යැවීම හමුවේ දැවී ගියේය.

ඒ, අනුව සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ අකිල ධනංජය ලකුණු 54ට කඩුලු 6ක් ලබා ගත්තේය.

ලකුණු 49ක් ලබා සිටි ශිකර් ධවාන්ගේ කඩුල්ල බිඳ දැමීමට මිලින්ද සිරිවර්ධන සමත්විය.

ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 7ක් ලකුණු 22ක් තුළ බිඳ වැටුණි.

නමුත් හුදකලා සටනක නිරත වූ අකිල ධනංජයට ශ්‍රී ලංකා අනෙක් පන්දු යවන්නන්ගෙන් නිසි සහායක් නොලැබීම හේතුවෙන් ඉන්දීය ඉනිම යළි ත් ශක්තිමත් විය.

ඒ, අනුව හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සමඟ එක් වූ බුව්නේෂ්වර් කුමාර් 8 වැනි කඩුල්ලට ලකුණු 100ක නොබිදුණු සබදතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

එය ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් 8 වැනි කඩුල්ලට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවය වේ.

 Aug 25, 2017 Chathuranga Rajapaksha Don't miss, Local, Sports, Top Slider 0

inShare

එමෙන්ම එක්දින තරගයකදී 9 වැනි පිතිකරු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව තමන් සතුකරගත් බුව්නේෂ්වර් කුමාර් ලකුණු 53ක් රැස් කළේය.

පන්දුවාර 44යි පන්දු 2කදී කඩුලු 7ක් දැවී ඉන්දීය කණ්ඩායම තරගය ජය ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය අකිල ධනංජයට හිමිවිය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.