Header Ads

පරාජයන් තිත්ත වූ රසිකයන් වියරු වැටෙයි. පල්ලෙකැලේ රසිකයන් පිටියට බෝතල් විසි කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරඟයෙන් කඩුලු හයක ජයක් අත් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

කෙසේ වෙතත් තරඟයේ අවසන් භාගය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් අතර අත්විදීමට යන පරාජයෙන් දැඩි කළකිරීමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කලහකාරි ලෙස හැසිරෙනු දැකගත හැකි වුනා.

තරගය නිම කිරීමට ඉන්දීය කණ්ඩායමට ලකුණු කිහිපයක් අවශ්‍යව සිටියදි ක්‍රියාත්මක වූ ඔවුන් ක්‍රිඩා පිටිය තුලට ප්ලාස්ටික් වතුර බෝතල් විසි කිරීමට ආරම්භ කළා.

සිදුවීම නිසා තරගය මොහොතකට නතර කළ අතර ප්‍රේක්ෂක‍යන් සංසුන් වන ස්වභාවයක් පෙනෙන්නට තිබුනේ නැහැ.

කෙසේ වෙතත් පසුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ තරගය ඇරඹු අතර ක්‍රිඩා පිටියට විශේෂ ආරක්ෂක  සැලැස්මක් ක්‍රියාත්මක කරනු දැක ගත හැකි වුනා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.